ද්වී පාර්ශ්වීක වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව මියන්මාරයේ සංචාරයක යෙදෙන පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ඊයේ (26) මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවී ඇයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පිරිනැමෙන ‘බෙනාසීර් බූතෝ’ සම්මානය පිළිගැන්වූයේය.
මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සහ මියන්මාර වැසියන්ගේ හිතසුව පිණිස ජීවිතය කැප කළ සූ කී ඇගැයීමට ලක් කරමින් එම සම්මානය ඇයට පිරිනමන බව පාකිස්තාන ජනාධිපතිවරයා පැවැසුවේය.
නොබෙල් සාම ත්‍යායාගයෙන් ද පිදුම් ලැබූ සූ කී ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පිරිනැමෙන බෙනාසීර් බූතෝ‘ සම්මානය ඉතා නිහතමානීව පිළිගත් බවද ජනාධිපති සර්දාරි පැවැසීය. ඝාතනයට ලක් වූ බෙනාසීර් බූතෝගේ සැමියා වන්නේ ද ජනාධිපති අල් සර්දාරිය.
සම්මානය ප‍්‍රදානය සිදුවූයේ යැංගොන් නුවර පිහිටි සූ කීගේ නිවසේදීය. එම අවස්ථාවට බෙනාසීර් බූතෝගේ සහ ජනපති සර්දාරිගේ දියණිය අෂීෆා ද සහභාගී වූවාය.
හමුදා පාලනය අවසන් කිරීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මියන්මාර නව සිවිල් රජය, දේශපාලන ප‍්‍රතිසංස්කරණද හඳුන්වා දී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට