කියුබාවේ සංචාරයකට පැමිණි, 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් පෙරේදා (28) ෆිදෙල් කස්ත්‍රෝ හමුවූ අවස්ථාවේදී, ඇමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක විවේචනය කරමින් එතුමන් කියා සිටියේ එමගින් කියුබානුවන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවය.
රෝගාතුරුව සිටින ෆිදෙල් කස්ත්‍රෝ (85) සහ පාප්තුමන් අතර එම සුහඳ හමුව පැවැත්වූයේ පාප්තුමන්ගේ කියුබා සංචාරයේ අවසන් අදියරේදීය. කියුබානුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට සහ ඔවුන්ගේ නිදහසට ගරු කරමින් කටයුතු කරන්නැයි පාප්තුමන් ෆිදෙල් කස්ත්‍රෝගෙන් ඉල්ලා සිටියේය.
පාප්තුමන්ගේ සහ වතිකානුවේ කටයුතු ගැනත් ජාත්‍යන්තර කටයුතු ගැනත් ඇමෙරිකාවේ සම්බාධක ගැනත් කස්ත්‍රෝ සහ පාප්තුමන් අතර කතාබහට ලක් වූ බව වතිකානුව නිවේදනය කළේය.
අසනීප තත්ත්වය මුල්කොට ගනිමින් කස්ත්‍රෝ පාලන කටයුතුවලින් ඈත්ව සිටින්නේ ඔහුගේ සොයුරු රාවුල් කස්ත්‍රෝට බලය පවරා දීමෙන් පසුවය. කියුබාවට පැමිණි පාප්තුමන් හරසරින් පිළිගනු ලැබුවේ රාවුල් කස්ත්‍රෝ විසිනි.
පාප්තුමන් කියුබානුවන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීය.
කස්ත්‍රෝ, 1959 වසරේදී ඇමෙරිකා හිතවාදී ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් නෙරපා කියුබාවේ කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කිරීමෙන් පසු ඇමෙරිකා කියුබා සබඳතා මුළුමනින්ම බිඳ වැටුණි. ඇමෙරිකාව කියුබාවට එරෙහි ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවූයේ 1960 වසරේදීය.
කියුබාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නේ නම් සම්බාධක වහා ඉවත් කරන බව ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත.
							
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1956										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙනඩික් පාප්තුමා ෆිදෙල් කස්ත්‍රෝ හමුවේ
ප්‍රසන්ත ධම්මික Friday, 30 March 2012 06:34 PM
ඇමරිකාවට බම්බුගහගන්න කියන්න. පහුගිය අවුරුදු පනහට වැඩිය අපි හිටියේ ඇමරිකාවේ හොදිකාලද ?