බඩ රුජාවක් යැයි කියමින් රෝහලට ඇතුළත්වූ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ බඩෙහි තිෙබී රන් පොලූ 12 ක් සොයාගැනීමට ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක වෛද්‍යවරු සමත්වූහ.

බිරිද තමන් සමග කළහ කරගැනීම නිසා ඇයගේ සිත රිදවීමට තමන් බෝතල් මූඩියක් ගිල්ලේ යැයිද එය ගිල දැමූ වේලාවේ පටන් බඩ රිදීමට පටන්ගත්තේයැයිද මෙම පුද්ගලයා වෛද්‍යවරුන්ට පවසා තිබේ.

වහාම එක්ස් රේ කිරණ පරීක්ෂාවක් සිදුකර ඇති වෛද්‍යවරුන්ට ඔහුගේ කුසයේ බෝතල් මූඩියක් තිබෙන බවක් නම් හදුනාගත නොහැකිව ඇත.ඒ වෙනුවට එක්ස් රේ පටයේ සටහන් වී ඇත්තේ කුසෙහි රැදී තිබෙන බවක් පෙනුනු පටියක් වැනි ව්‍යුහයකි.

ඒ කුමක්දැයි සොයාබලා එය ඉවත් කර දැමිමට එම පුද්ගලයාගේ උදරය කපා සැත්කමක් සිදුකර ඇති වෛද්‍යවරුන් පිරිස මවිතයට පත්ව ඇත්තේ උදරයේ රැදී තිබුණු රන් පොල්ලක් දැකීමෙනි.එය ඉවතට ගැනීමට යාමේදී එකක් පසුපස එකක් බැගින් රන් පොලූ දොළහක්ම සොයාගැනීමට හැකිවීම වෛද්‍යවරු පිරිස මවිතයෙන් මවිතයට පත්කිරීමට සමත්ව ඇත්තේය.

මේ සම්බන්ධයෙන් වහාම පොලිසිය දැනුම්වත් කිරීමට රෝහල් පාලනාධිකාරය කටයුතු කර ඇත.රන් පොලූ තොගය දැන් තිබෙන්නේ පොලිස් භාරයේය.

එක් රන් පොල්ලක් ග‍්‍රෑම් 33 ක් පමණ බරකින් යුතු වන්්නේයැයි සදහන්ය.

සැත්කමින් පසු සුවය ලබමින් සිටිනා ‘‘බෝතල් මූඩියකැයි වැරදීමකින් රන් පොලූ ගිල දැමූ‘‘ පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමට පොලිසිය සූදානමින් සිටී.