අනියම් පෙම්වතියකගේ පැමිණීමෙන් විවාහ උත්සවයක් අවුල් ජාලයක් වූ අවස්ථාවක් පිළිබඳ චීනයේ ෂෙන් සෙන් නගරයෙන් වාර්තා වේ.
මංගල උත්සවය පැවැත්වෙන අවස්ථාවේ මංගල ගවුමකින් සැරසී ශාලාවට පැමිණි ගැබිනි කාන්තාවක් මනාළ යුවළ ඉදිරියට ගොස් ඇත. එහිදී නැගී සිටි මනාලිය ‘ගබ්සාවක් කර නොගෙන ඔබ මෙතෙනට ගැබ උස්සන් ඇවිත් අපිට අවමන් කරනවා’ යැයි කියමින් ඇයට බැණ වැදුණාය.
‘මොහු මෙතරම් නරක මිනිහකු බව කියා මම දන්නේ නැතැයි ගැබිනිය අපිට දොස් නගා ඇත. පසුව දෙදෙනා අතර දරුණු සටනක් ආරම්භ විය.
ටික වේලාවක් පැවති සටන මනාළයා සහ තවත් කිහිප දෙනෙක් ඉතා වෙහෙසක් දරා ඔවුන් දෙපැත්තට කර තිබේ. මනාළයා දෙසට හැරුණ මනාළිය ඔහු වේගයෙන් ඉවතට තල්ලූ කළාය.
ඉන් පසු දබර කර මහන්සි වූ දෙදෙනාම මනාලයාට බනිමින් බිම හිඳ අඬීමට පටන් ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනමාලයා ලංකාවේ කෙනෙක්ද? (නි)
එතකොට බඳින්න කලින් මොකද ළමයි හදා ගත්තේ? ඉපදෙන ළමයට උප්පැන්නයවත් දෙන්න පුලුවන්ද?පිරිමින්ටම දෙස් දෙවොල් දෙන්නේ නැතිව ගැහැණු අයත් දැන ගන්න ඕනේ පරිස්සම් වෙන්න.(නදී)
එතකොට තව ගැහැණු ළමයෙක්වත් අමාරුවේ දමලා ඉන්නවා කියල දැනගෙනමයි මනාලිය බදින්න සූදානම් වෙලා තියෙන්නේ? ඕකනේ කියන්නේ... ගැනියකගේ දුක තවත් ගැහැනියක් තේරුම් ගන්නෙ නැති එකේ විපාකේ? (නි)
කුමාරණ, ගැහැනුන්ටම දොස් කියන්න එපා සහෝදරයා. (නි)
අනේ අපි ගැහැණු කවදාවත් වරදේ බැඳෙන්නේ නෑ. (නදී)
රමණි,ඔය නැහැ කියන අය තමයි වැඩිය වරදෙ බැදෙන්නේ (නි)
දෙන්නම වැරදී. පව් අහිංසක දරුවා.................. (අ)
ඒ ඒ අය දැනගන්න ඕනෑ තමන් ප්‍රවේශම් වෙන්න (නි)
රමණි ඔය ඇත්තමද , නැත්නම් හීනෙන්ද දොඩවන්නේ (නදී)
ඇයි කුමාරි,ඔයා දන්නා කෙනා කියලද හිතුවේ? මොකද්ද කුමාරි හැමතිස්සෙම ලංකාවට මඩ ගහන්නමනේ බලාගෙන ඉන්නේ? (නි)
අනේ මගේ වෙඩින් එකත් අත ළඟ. මට නම් හරිම බයක් හිතෙනවා. (නි)
කුමාරණ, උප්පැන්නය කියන්නේ නිකන් කඩදාසියක් විතරයි. උප්පැන්නය තිබුනත් නැතත් තාත්ත තාත්තයි. උප්පැන්න සහතිකය කියන එක මෑතකදී ලංකාවට ආවෙත්. නමුත් අපේ ජාතිය සංස්කෘතිය අවුරුදු දහස් ගණනක් ඕක නැතිවත් පැවතුනා. කොළ කැබැල්ලක් නොව මනුස්සකමයි වැදගත්. (නදී)
ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන.... (නි)