කුසගින්නට ගල්,වැලි,මඩ,සිමෙන්ති ආදියෙහි පිහිට සොයන පුද්ගලයෙක් ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ සිටී.
පක්කිරප්පා හුන්නඩි කුසගිනි නිවාගන්නේ ගල්,වැලි,මඩ ආදිය අනුභව කිරීමෙනි.තමන්ට වයස අවුරුදු 10 සිටම මෙම පුරුද්ද පැවති බව ඔහු කියයි.
වෛද්‍යවරුන් පක්කිරප්පාගේ මේ පුරුද්ද හදුන්වාදෙන්නේ විරල ගණයේ රෝගයක් ලෙසටය.ඔවුන් පවසන ආකාරයට මෙම රෝගය වැළදුනවුන්ට සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා දේ අනුභව කිරීමට ආශා පහළ වේ.
තමන් ඉදිරියේ අමෘතය තැබුවද ගල්,වැලි ආදිය කෑමෙන් තමා ලබන වින්දනය ලබා ගැනීමට නොහැකි බව සහතික යැයි පක්කිරප්පා පවසයි.
ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වලදී කම්කරුවෙකු ලෙස සේවය සපයන ඔහුට ‘‘ආහාර‘‘ වලින් නම් අඩුවක් නැත.ගල් වැලි වලට වතුර ටිකකුත් කවලම් කර ගත් විට පංකාදුයි යැයි ඔහු කියයි.
මව යහළුවන් හා නෑ හිතමිතුරන් කොතෙක් උත්සාහ කළද තම පුරුද්ද අතහැරීමට ඔහු සූදානම් නැත.
තමන්ගේ හැකියාව ප‍්‍රදර්ශනය කර මුදල් ඉපැයීමට පක්කිරප්පා සිතාගෙන සිටී.දැනට කර්නාටක ප‍්‍රදේශයේ හොද ප‍්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින තමාට මුලූ ඉන්දියාවේම ප‍්‍රචලිත වීමට හැකි නම් අතමිට සරුවී තම මෑණියන්ද හොදින් බලා කියාගෙන සතුටින් වෙසෙන්නට හැකි වනු ඇතැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට ඕනෑම තැනක කෑම තියෙනවා (දී)
ගල් වැලි කෑවත් සමහර බත් කන අයට වඩා හිත හොද මනුස්සයෙක්.අතමිට සරුවී අම්මත් බලාගෙන ඉන්නයි බලාපොරොත්තුව.සමහරුන්ට සරු වුනාම අම්මලා මඩම්වල.(දිල්)
අනේ මන්දා! මෙහෙමත් වැඩ? (නි)
ලංකාවේ අපිටත් මේකට පුරුදු වෙන්න වෙයිද දන්නේ නැහැ, රටේ ආර්ථිකය දෙස බලනකොට. (නි)
අම්මෝ! පුදුමයි. (නි)
මිනිසෙක් විදිහට උපත ලැබුවත් පෙර කළ පාප කර්මයක් ඔහු ගෙවන්නේ. කොපමණ රස අාහාර දුන්නත් ඒවම කන්නේ පාපයේ බලගතුකම නිසා. (නි)
අහන්න දෙයක් නැහැ. ඉන්දියාවේ කෙනෙක්නෙ. ඔහොම යමු (නි)
නිලූ නංගි, කරුම කරලා නෙමෙයි. අපිටත් ඉස්සරහට මේවා තමා කන්න වෙන්නේ. ඒ නිසා අත්හදා බැලුවට කමක් නැහැ (නි)
අපේ වගේ හොඳ රටක මේ වගේ අය නැති එක ලොකු දෙයක්. (නි)
දැන් ඉතින් අපිටත් මේවා තමයි කන්න වෙන්නේ. (ස)
ඕකට තමා කියන්නේ ඔක්කොටම වඩා කරුමේ ලොකුයි කියලා.(නදී)
මගේ හිතටත් අවේ ඕකමයි කුමාරි. පුදුම කරුමයක් කරලා තියෙන්නේ මේ මනුස්සයා. අනේ කාගේ හරි පිහිටෙන් වෛද්‍ය ප්‍රතිකාරයක් ලැබිලා මේ කරුම ලෙඩේ සුව කලොත් ලොකු පිනක්.(නදී)