IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බඩගින්නට ගල් වැටි කයි

කුසගින්නට ගල්,වැලි,මඩ,සිමෙන්ති ආදියෙහි පිහිට සොයන පුද්ගලයෙක් ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ සිටී.

පක්කිරප්පා හුන්නඩි කුසගිනි නිවාගන්නේ ගල්,වැලි,මඩ ආදිය අනුභව කිරීමෙනි.තමන්ට වයස අවුරුදු 10 සිටම මෙම පුරුද්ද පැවති බව ඔහු කියයි.

වෛද්‍යවරුන් පක්කිරප්පාගේ මේ පුරුද්ද හදුන්වාදෙන්නේ විරල ගණයේ රෝගයක් ලෙසටය.ඔවුන් පවසන ආකාරයට මෙම රෝගය වැළදුනවුන්ට සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා දේ අනුභව කිරීමට ආශා පහළ වේ.

තමන් ඉදිරියේ අමෘතය තැබුවද ගල්,වැලි ආදිය කෑමෙන් තමා ලබන වින්දනය ලබා ගැනීමට නොහැකි බව සහතික යැයි පක්කිරප්පා පවසයි.

ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වලදී කම්කරුවෙකු ලෙස සේවය සපයන ඔහුට ‘‘ආහාර‘‘ වලින් නම් අඩුවක් නැත.ගල් වැලි වලට වතුර ටිකකුත් කවලම් කර ගත් විට පංකාදුයි යැයි ඔහු කියයි.

මව යහළුවන් හා නෑ හිතමිතුරන් කොතෙක් උත්සාහ කළද තම පුරුද්ද අතහැරීමට ඔහු සූදානම් නැත.

තමන්ගේ හැකියාව ප‍්‍රදර්ශනය කර මුදල් ඉපැයීමට පක්කිරප්පා සිතාගෙන සිටී.දැනට කර්නාටක ප‍්‍රදේශයේ හොද ප‍්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින තමාට මුලූ ඉන්දියාවේම ප‍්‍රචලිත වීමට හැකි නම් අතමිට සරුවී තම මෑණියන්ද හොදින් බලා කියාගෙන සතුටින් වෙසෙන්නට හැකි වනු ඇතැයි ඔහු පවසයි.



අදහස් (0)

බඩගින්නට ගල් වැටි කයි

අවිශ්ක Friday, 04 April 2014 09:06 PM

මේ මනුස්සයාට ඕනෑම තැනක කෑම තියෙනවා (දී)

:       0       0

නිශාන්ත Friday, 04 April 2014 11:53 AM

ගල් වැලි කෑවත් සමහර බත් කන අයට වඩා හිත හොද මනුස්සයෙක්.අතමිට සරුවී අම්මත් බලාගෙන ඉන්නයි බලාපොරොත්තුව.සමහරුන්ට සරු වුනාම අම්මලා මඩම්වල.(දිල්)

:       0       0

සේන Friday, 04 April 2014 12:16 PM

අනේ මන්දා! මෙහෙමත් වැඩ? (නි)

:       0       0

නුවන් Friday, 04 April 2014 12:30 PM

ලංකාවේ අපිටත් මේකට පුරුදු වෙන්න වෙයිද දන්නේ නැහැ, රටේ ආර්ථිකය දෙස බලනකොට. (නි)

:       0       0

රොෂාන් Saturday, 05 April 2014 01:21 AM

අම්මෝ! පුදුමයි. (නි)

:       0       0

සුජානි Friday, 04 April 2014 01:02 PM

මිනිසෙක් විදිහට උපත ලැබුවත් පෙර කළ පාප කර්මයක් ඔහු ගෙවන්නේ. කොපමණ රස අාහාර දුන්නත් ඒවම කන්නේ පාපයේ බලගතුකම නිසා. (නි)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 04 April 2014 01:03 PM

අහන්න දෙයක් නැහැ. ඉන්දියාවේ කෙනෙක්නෙ. ඔහොම යමු (නි)

:       0       0

චන්දි Saturday, 05 April 2014 02:23 AM

නිලූ නංගි, කරුම කරලා නෙමෙයි. අපිටත් ඉස්සරහට මේවා තමා කන්න වෙන්නේ. ඒ නිසා අත්හදා බැලුවට කමක් නැහැ (නි)

:       0       0

සහ Friday, 04 April 2014 01:35 PM

අපේ වගේ හොඳ රටක මේ වගේ අය නැති එක ලොකු දෙයක්. (නි)

:       0       0

සංජීව Saturday, 05 April 2014 07:06 AM

දැන් ඉතින් අපිටත් මේවා තමයි කන්න වෙන්නේ. (ස)

:       0       0

කුමාරි Friday, 04 April 2014 04:46 PM

ඕකට තමා කියන්නේ ඔක්කොටම වඩා කරුමේ ලොකුයි කියලා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 04 April 2014 05:59 PM

මගේ හිතටත් අවේ ඕකමයි කුමාරි. පුදුම කරුමයක් කරලා තියෙන්නේ මේ මනුස්සයා. අනේ කාගේ හරි පිහිටෙන් වෛද්‍ය ප්‍රතිකාරයක් ලැබිලා මේ කරුම ලෙඩේ සුව කලොත් ලොකු පිනක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site