
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
ඇද වැටීමෙන්, 69 හැවිරිදි මහ ඇමැතිනියගේ හිසට සහ මුහුණට තුවාල සිදුවී ඇත. රෝහල්ගත කිරීමෙන් පසු මැහුම් දැමීමට සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයයි. ඇය ඇතුළත් කෙරුණේ කොල්කටා එස්.එස්.කේ.එම්. රෝහලටය. තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගියාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd