හාස්‍යමය දුෂ්ඨයින් සහ සුපිරි වීරයන් යොදා ගෙන ආරාධිතයින් පුදුම කරවන විවාහ උත්සවයක් පැවැත්වීමට ඇමරිකානු යුවළක් සමත් වූහ. ඔවුන් වීඩියෝ කාටුන් නිෂ්පාදකයෙක් වන ඇඩම් බෝන් සහ ඔහුගේ බිරිඳ මිචෙල් චෙන්ග්ය.
ඔවුන් දෙදෙන විවාහ උත්සවය සංවිධානය කිරීමේදී කුඩා ළමයින් ආදරය කරන ප‍්‍රසිද්ධ චරිත තෝරා ගනිති. ඒ ආරක්ෂක ඇඳුම් ඇඟලා සිටින නියිට්වරුන්, නින්ජා, බැට්මෑන් සහ අයන් මෑන් ආදි චරිතයි.
ඇඩම් සහ දෙවැනි මනමාලයන්ද ආරක්ෂක ඇඳුම් ඇඳ සිටිති. විවාහ උත්සවය ආරම්භයේදී සාමාන්‍ය විවාහයක මෙන් චාරිත‍්‍ර සිදු කැරෙයි. ඒවා අවසන් වනවාත් සමගම එතෙනට කඩුවකුත් රැගෙන නයිට්වරයෙක් එයි. මනාලිය තමා ළඟට ගනිමින් ආදරය බේරා ගැනීමට සටන් කරන්නැයි ඇඩම්ට කියයි.මිචෙල් දුන් කඩුව අතට ගත් ඇඩම් ඔහු සමග සටන් කර මිචෙල් බේරා ගනී. ඒ සමගම පැමිණි නින්ජාවෙන් දෙදෙන් දෙවනි මනාලියන්ද සටන් කරති.
බැට්මෑන් පැමිණ අනාගතයේදී ඔහුට සෑම දෙයකටම උපකාර කරන බව පවසනනමුත් අයන් මෑන් පැමිණ ඔහුට පහරක් ගසා ඒ සඳහා තමා ඉදිරිපත් වන බව කියයි. මේ ආකාරයෙන් අනෙක් කාටුන් චරිතද ඔවුන් අසලට පැමිණි විවිධ රැගුම් ඉදිරිපත් කරයි.
සිදුවන සියල්ල බලා සිටි ආරාධිතයන් විටෙක ඉතා බියට පත් වූ අතර විටෙක සිනා සෙති. එපමණක් නොව සිදුවන දෙය වටහා ගැනීමට නොහැකිව හොටලයේ කළමනාකරුද බියට පත් වෙයි.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයත් මෙවැනි නිසාරණ වැඩ පටන් ගනීවිද? (ස)
අළුත් වැඩක් කරන්න ගත් උත්සාහයක් (නි)
නියමයිනේ (නි)
නියම වැඩක් (නි)
කෝලම් (ස)
ඵලක් නැති වැඩක් (නි)
ගයාන්, අපේ කට්ටිය ලක්ෂ ගණන් වියදම් කරගෙන මගුල් ගෙවල් වල කොච්චර පලක් නැති වැඩ කරනවද? (නි)
අශාන් මාත් එකඟයි. (නි)
විකාර වැඩක් වුනත් ආරාධිතයො නම් ගොඩක් සතුටු වෙන්න ඇති. (නදී)
මේ ලඟදි මගේ හොඳ යාලුවෙක් විවාහ උනා. මංගල උත්සවයෙන් පස්සේ එයා කිව්වා, මට දැන් හොඳට රගපාන්න පුළුවන් කියලා.මොකක්ද ඒ කතාවේ තේරුම බැලුවම කැමරාකරුට ඕන විදියටලු දවසම හිටියේ.පස්සේ ඔක්කොටම හොරෙන් කුස්සියට ගිහින් හොඳට කෑවලු. (ස)