බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ ඊයේ (29) පැවැත්වූ විරෝධතා රැලි දෙකකට පොලිසිය හරස් විය. පොලිසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ එම විරෝධතා සංවිධානය කර තිබුණේ චන්ද්පූර් නගරයේ සහ ඩකා අගනුවරය. පොලිසිය පැවැසුවේ පන්සියයකට ආසන්න පිරිසක් ඊට සහභාගී වූ බවය. පොලිසියෙන් බාධා එල්ල වූ අවස්ථාවේදී කෝපයට පත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගත් බවත් එහිදී සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය චෝදනා කරන්නේ බංග්ලාදේශ දැඩිමතධාරීන් සහ විදේශවල වෙසෙන කුමන්ත‍්‍රණකරුවන් රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවය. බංග්ලාදේශ රජය පෙරැළීමට සැලැසුම් කළ හමුදා කුමන්ත‍්‍රණයක් ව්‍යර්ථ කිරීමටද අගමැතිනී හසීනාගේ රජය පසුගියදා සමත් විය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බංග්ලාදේශ විපක්ෂය ක‍්‍රියාකාරීහු පොලිසිය සමඟ ගැටෙති