පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගන්නැයි, ඉන්දියාවට පැමිණෙන්නැයි ඇරැයුම් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බංග්ලාදේශ නව අග්‍රාමාත්‍ය තරීක් රෙහ්මාන්ට ලිපියක් යවමින් පවසා ඇත.

තරීක් රෙහ්මාන් යනු බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ වැඩිමල් පුත්‍රයාය. පසුගිය දශක ගණනාව පුරා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ කලීඩා සියාට සහ ෂෙයික් හසීනාටය.

ෂෙයික් හසීනා 2024 ශිෂ්‍ය අරගලයෙන් පසු ඉන්දියාවට පලාගොස් සිටී. කලීඩා සියා පසුගිය දෙසැම්බරයේ අභාවප්‍රාප්ත වූවාය. වසර 17 ක් විදෙස් ගතව සිටි රෙහ්මාන් යළි බංග්ලාදේශය බලා පැමිණියේ ඒ අනුවය.