
බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි.
‘ඕබිටර්’ නවකතාවට පාදක වන්නේ, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින පිරිමි ගගනගාමීන් දෙදෙනකු සහ කාන්තා ගගනගාමීන් සිවු දෙනකු මුහුණ දෙන අත්දැකීම්ය. සමන්තා හාර්වි, ජනප්‍රිය ලේඛිකාවකි. ඇගේ නිර්මාණ මීට පෙර ද සාහිත්‍ය සම්මාන උළෙලවලදී ඇගයීම ලක්වී ඇත.
සමන්තා හාර්වි, ‘ඕබිටර්’ නවකතාව ඉතාමත් අලංකාර ලෙස රචනා කර ඇති බවත්, එය ඇගැයීමට ලක් කිරීමක් ලෙස මෙම වසරේ සමන්තාට බුකර් සම්මානය පිරිනැමීමට තීරණය කළ බවත් බුකර් විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරු එඩ්මොන්ඩ් දේ වාල් පැහැදිලි කර ඇත. 49 හැවිරිදි සමන්තා හාර්විට, ඩොලර් 64,000 ක ත්‍යාග මුදලක් හිමිවිය.
‘ඕබිටර්’ නවකතාව පිටු 136 කින් සමන්විතය. අඩු පිටු ගණනකින් යුත් නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, අභ්‍යවකාශයේ සිදුවීම් පෙළක් සහිත නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට