
ශුද්ධෝත්තම 16 වැනි ලියෝ පාප්තුමා නිල සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණ සිටී. පාප් ධුරයට පත්වීමෙන් පසු ලියෝ පාප්තුමා, ප්‍රංශ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. පාප්තුමාගේ ප්‍රධානත්වයෙන්, පැරිස් අගනුවර විශේෂ එළිමහන් දිව්‍ය පූජාවට 700,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
ප්‍රංශයේ සහ යුරෝපා රටවල තරුණ තරුණියන්ගෙන් කතෝලික සභාවට ලැබෙන දායකත්වයත්, එම තරුණ තරුණියන්ගේ උද්යෝගය සහ කැපවීම ගැනත් පාප්තුමාගේ විශේෂ ඇගයීමකට ලක් විය. පපාප්තුමන් සිය කුඩා මෝටර් රථයේ නැගී, ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන පැරිසියේ වීදි සංචාරය කළේ එළිමහන් දිව්‍ය පූජාවට සහභාගී වූවන්ට ආශිර්වාද කරමිණි.
වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින්, ප්‍රංශයේ ඕර්ලි ගුවන්තොටුපොළට පැමිණි පාප්තුමා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් විසිනි. ඉන් අනතුරුව, පාප්තුමන් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතරේ විශේෂ සාකච්ඡාවක් පැරිස් අගනුවර ජනාධිපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගයේ දී පැවැත්විණි.
එහිදී ඇමෙරිකා ඉරාන අර්බුදය, රුසියානු යුක්රේන යුද්ධය ඇතුළු භූගෝලීය අර්බුද සම්බන්ධයෙන්, යුරෝපා රටවල් මුහුණ දෙන සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd