පළමු ලෝක යුද්ධයට සහභාගී වූවන් අතර ජීවතුන් අතර සිටි අවසන් පුද්ගලයා ලෙස සැලකෙන බි‍්‍රතාන්‍ය රාජකීය කාන්තා ගුවන් හමුදාවේ සේවය කළ ෆ්ලෝරන්ස් ග‍්‍රීන් වයස අවුරුදු 110 දී මෙලොවින් සමුගත් බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය ඊයේ (08) වාර්තා කළේය. නැගෙනහිර එංගලන්තයේ කිංග්ස් ලින්හි පිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක නින්දේ පසුවෙත්දී ඇය ජීවිතයෙන් සමුගත් බව වාර්තා වේ. ෆ්ලෝරන්ස් ග‍්‍රීන් වයස අවුරුදු දාහතේදී එනම් 1918 දී හමුදා නිවස්නයක භාරකරුවකු ලෙස බි‍්‍රතාන්‍ය කාන්තා ගුවන් හමුදාවට සම්බන්ධ වූවාය. නමුත් ඇය සේවය කළේ සටන් පැවැති ප‍්‍රදේශවල නොවේ. අසාමාන්‍ය ජීවිතයක් ගත කළ සිය මව අභිමානවත් කාන්තාවක් බව ග‍්‍රීන්ගේ දියණිය වන ජූන් එවට්ස් පැවසීය. 1914 සිට 1918 දක්වා පැවැති පළමු ලෝක යුද්ධයට සහභාගී වූ සෙබළුන් අතරින් ජීවතුන් අතර සිටි සෙබළා ලෙස සැලකුණේ ඉකුත් වසරේ දී මෙලොවින් සමුගත් ක්ලෝඞ් කෝලෙස්ය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු ලෝක යුද්ධයේ අවසන් සාමාජිකාව මෙලොවින් සමුගනී