මවගේ ක්‍රෙඩ්ටි කාඩ් පතින් පවුම් 3500 ගෙවා (රුපියල් 765000 ) පමණ ක කුණු අදින සැබෑ ලොරියක් මිලදී ගත් පස් හැවිරිදි පිරිමි දරුවෙක් එංගලන්තයේ සිටියි. කුඩා කළ සිටම කුණු එකතු කිරීමට මහත් ලැදි කමක් දක්වන ඔහු විලියම් බැටිමන්ය. බලාපොරොත්තුව කසල ප්‍රතීචක්‍රීයකරණ කළමණාකරුවකු වීමයි.
දිනක් ඔහු නිවසේ රඳවා වෙළඳ පොළට ගිය මවට ඇයගේ පරිගණකය වසා දැමීමට අමතක විය. එයින් උපරිම ප‍්‍රයෝජන ගත් විලියම් පරිගණකය වෙත ගොස් මවගේ ගිණුමට පිවිස අන්තර්ජාල වෙන්දේසියකින් කුණු අදින ලොරියක් තෝරා ගෙන එයට පවුම් 3500 ක ලංසුවක්ද තැබීය.
පසුව මවගේ ක්‍රෙඩ්ටි කාඩ් පතින් එහි මුදල්ද ගෙවීය. නිවසට පැමිණි මව පරිගණකය පරීක්‍ෂා කිරීමේදී වෙන්දේසියෙන් දිනූ සුදු පැහැති ලොරියට ඔවුන් සුබ පතා පණිවිඩයක් ද එවා තිබෙනු දිටීය.
කිසිවක් කරගත නොහැකි වූ ඇය ඔවුන්ට කතා කොට සමාව අයද සිටියේය. පසුව කෙසේ හෝ වෙන්දේසිය අවලංගු කර කැර ගැනිණි. එවෙලෙහි විලියම් කෙරෙහි තරහක් ඇති වූවත් දැන් එය සිහිපත් වන විට සිනා නැගෙන බව ඇය පැවසීය. විලියම් සතුව සෙල්ලම් ලොරි රැසක් ද ඇත.
එක් එක් වර්ගයේ සෙල්ලම් ලොරි විශාල ප‍්‍රමාණයක් ඔහු සතුව ඇති අතර කුණු බඳුන්වල පුරවා එකතු කළ කැලි කසළ එකතුවක්ද ඇත. නමුත් ඔහු සැබෑ කුණු ලොරියක් හිමි කර ගැනීමට සිහින දකිමින් සිටි බවත්, හමුවන සෑම කෙනෙකුගෙන්ම ඔවුන්ගේ කුණු එකතුකරන්නා පැමිණෙන්නේ කවදද කියා ප‍්‍රශ්න කරන බවත් මව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ පැංචා කුණු අදින ලොරියක් ගනී
සමන් Monday, 10 March 2014 10:20 PM
ලංකාවට අවා නම් ගොඩේ ගොඩ (අ)
රූපවතී Tuesday, 11 March 2014 01:21 AM
අනේ පුතේ ලොරියක් නම් එපා අපේ රටේ තියන තරමක් තියෙන්නේ ලොරි, ඒවා යන්නේ ප්ලේන් යනවාටත් වඩා වේගෙන් පාරේ ඉන්න මිනිසුන්වත් මරාගෙන. ඔය පුතා පුලුවන්නම් කුණු අදින ලොරියක්ම අරන් එන්න අපේ රටට.(නදී)
මාලා Monday, 10 March 2014 01:28 PM
සුබ අනාගතයක් පුතා.ඉහළටම යන්න වාසනාව ලැබේ (දිල්)
අසෝකා Monday, 10 March 2014 03:26 PM
පුතාගේ අදහස නම් හොදයි. එත් පුංචි කලේ ඉදල අම්මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බදු ගන්න පුරුද්ද දිගටම කළොත් නම් කොහෙන් නවතියිද දන්නේ නැහැ.(දිල්)
රුපවති Monday, 10 March 2014 05:15 PM
අනේ පුතේ ..හැකිනම් ලොකු උනාම , කුණු ලොරියකුත් අරන් අපේ ශ්‍රී ලංකාවේ පදිංචියට ආවොත් ඔබේ ඔය පුංචි බලාපොරොත්තුව සබැහින්ම..විද ගන්න හැකිවෙනවා ...? (දී)
සමන්ති Monday, 10 March 2014 06:12 PM
කුණු ලොරියක් ගෙන්න කියන්න එපා .ලොරියක් ගෙන්න කියන්න .මෙහෙ කුණු කොල්ලෙට කුණු තියනවානේ .(අ)