‘නත්තල‘ යන වචනය භාවිතා කිරීමත් තහනම් කර ඇති පාසලක් පිළිබඳව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි.
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පිහිටි වයිට්හිලි ප්‍රාථමික පාසලේ සිසුන්ට නත්තල ගැන වචනයක්වත් තෙපළීම තහනම්ය. පාසලේ මුල් ගුරුවරිය පවසන්නේ පාසැලක් යනු ඉගෙනුමට මුල් තැන දෙන ස්ථානයක් මිස ‘කෝලම් මඩුවක්‘ නොවන බවයි.
තම පාසලේ දරුවන් අධ්‍යාපනයට වඩා නත්තල ගැන උනන්දු වනවා තමන් දුටු හෙයින් මෙසේ නීතියක් පැනවූ බව ඇය කියයි.
දරුවන්ගේම යහපත තකා මුල් ගුරුවරිය ක්‍රියාකර ඇති බවත් පෙනෙන්නට ඇතත් දෙමාපියන්ගේ නම් මේ පිළිඹදව වැඩි මනාපයක් නොමැත.
කිසිත් නොතේරෙන අවුරුදු 3 - 4 වැනි වයස් වල පසුවන කුඩා දරුවන්ටත් මෙම නීතියට යටත් වීමට සිදුව තිබීම සාධාරණ නැතැයි ඔවුන් චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් නරක නැහැ (නි)
නත්තල් සීයා ආවේ නැද්ද? (නි)
එංලන්ත එහෙම උනාට ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ. බැරි වෙලාවත් මෙහෙම දෙයක් ලංකාවේ සිදුවුනානම් ජිනීවා වලිනුත් එහාට යයි. (අ)
ඔන්න ගන්නවානම් අපේ පාසල් වලටත් හොඳ පාඩමක් (නදී)
අධ්‍යාපනය කියන්නේ අකුරු ඉගෙනීම හෝ ඉලක්කම් ඉගෙනීම, එසේත් නැත්නම් පොතපතේ දැනුම ලබාගැනීම පමණක්ම නොවෙයි.තමා ජිවත් වන පරිසරය,රට,අතීතය ,අනාගතය,සිරිත් විරිත් ,තමන්ගේ සංස්කෘතිය ,ආගම,දහම කියන මේ හැම දෙයක්ම අධ්‍යාපනයට අදාලයි. (නි)
ඒ පාසලේ මුල් ගුරුතුමියට වගේම පිට බැද්දර ජයාටත් වෙලා තිබෙන දේ මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
3-4 වයස්වල නොදරුවන් කියන්නේ සුරංගනා පැටවූ වගේ. ඒ ළමයින්ට විනෝදයක් ගෙන දෙමින් සමගිය තහවුරු කරගෙන එකතුවෙලා වැඩක් කරන හැටි කියා දෙන්න හොද අවස්ථාවක් නත්තල කියන්නේ. ඒ ළමයි අකුරු ඉගෙන ගන්න වයසේ නෙමෙයි තාම ඉන්නේ (නි)
අපේ රටේ පාසල් වලට හොඳ ආදර්ශයක් මුල් ගුරුතුමියගේ තීරණය. නත්තල අර්ථවත්ව සමරන්නේ බොහොම ටික දෙනයි. අනිත් ඔක්කොම බලන් ඉන්නේ ගෙදර ඉන්න ඌරාව මරන්නේ කවද්ද කියලා (නදී)
"නත්තල"සිංහල වචනයක් නිසාද දන්නෙ නැහැ තහනම් කරන්න ඇත්තේ (නි)
නත්තල කියන්නෙත් ලංකාවේ අපි වෙසක් වගේ කතෝලික රටවල් සමරන උත්සවයක්. එවැනි උත්සව කාලෙට හිත හුගක් හැගීම්බර වෙනවා. සංවේදී වෙනවා. ගහකොළ සීතල යන මේ දේවල් පවා වෙනස් වෙනවා. ඒ කාලෙට දරුවන්ගේ හිත් සතුටින් සාමයෙන් පුරවන්නේ නැතිව මෙවැනි ගුරුවරුන්ගේ උන්මතක හැසිරීම් ගැන පුදුමයි. (අ)
නත්තල කියන්නේ කෝලමක්ද? නත්තලේ අරුත නොදන්නා මේ මුල් ගුරුතුමිය පුංචි උන් ආසම කරන වචනය උදුරා ගන්න හදන්නේ ඇයි? (නි)
මට නම් නිකන් පිස්සු වගේ අනේ...(අ)
ගුරුවරුන්ට අකුරු වැරදෙන වෙලාවක් මේ. ජාතික උත්සවයකදි කුඩා දරුවන්ට නිවාඩු, තෑගි, රසකැවිලි, සහ අසීමිත විනෝදයක් ඕනෑම රටක ලැබෙනවා. වැඩිහිටි සමහරුන් ඒවා ගැන කල්තියා උනන්දු නෑ. අහිංසක දරුවන්ට වැඩිහිටි මට්ටමින් නීති දමන්න හොඳ නෑ. (ස)