තම සුරතල් බළලා රසකැවිලි වීදුරු බෝතලයකට දමා සිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇති තායිවාන ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන කිකි ලින් හට දැන් සිදුව ඇත්තේ තම කි‍්‍රයාකලාපය ගැන පසුතැවිලි වීමයි.

කිකි තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබූයේ තම බළළා නොමනා ලෙස හැසිරුණු නිසා දඩුවමක් ලෙස මෙසේ බෝතලයකට දමා සිරකළ බවයි.

නමුත් ඇයගේ යහළු යෙහෙළියන් එය එසේ දුටු බවක් නොපෙනුණි.ස්වල්ප වේලාවකින් වීඩියෝව අන්තර්ජාලය පුරාම හුවමාරු වුනු අතර කිකිට සිදුවූයේ ලොව හතර අතින් නැගුණු චෝදනා වලට මුහුණදීමටයි.

මුලදී ඇය පිළිතුරු බදිමින් සිරකළේ තමන්ගේ බළළා බවත් අනෙක් පුද්ගලයින් ඒ ගැන කරදර විය යුතු නැති බවත් මුරණ්ඩු ලෙස ප‍්‍රකාශ කළත් ඇයගේ කට දැන් වැසී ඇත්තේ තායිවාන බළධාරීන්ගේ අවධානයද මේ සිද්ධිය කෙරෙහි යොමුව ඇති බැවිනි.

තායිවානයේ කි‍්‍රයාත්මක සත්ත්ව හිංසනයට එරෙහි නීතියට අනුව ඇය වැරදිකාරිය යැයි ඔප්පු වුවහොත් ඇයට ලොකු දඩයකට යටත්වීමටත් වසරක කාලයක් සිරගත වීමටත් සිදුවෙයි.

කිකි සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයිද සදහන් වෙයි.