‘‘ස්ටේෂන් මාස්ටර්‘‘ ධූරයක් හොබවන බළලෙකු ගැන වාර්තා වන්නේ ජපානයෙනි.

ජපානයේ කිනොකාවා නගරයේ දුම්රියපළ වෙත යන්නෙකු හට මෙම බළලා හමුවිය හැකිය.‘‘ටාමා‘‘ යන සුරතල් නමින් හැදින්වෙන මේ බළලා දුම්රිය ස්ථානාධිපතිවරයෙකු බැව් හැගවෙන ලකුණු දරන තොප්පියක්ද හිස පැළදගෙන කාර්යාලයේ මේසය මතට වී ‘‘රාජකාරියේ‘‘ නිරතව සිටිී.ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට 2007 වසරේ සිටම දුම්රියපලේ රාජකාරි කටයුතු භාරව කටයුතු කරන්නේ ටාමාය.

ටාමා මේ ධූරයට පත්වීම පසුපස ඇත්තේද අපූරු කතාවකි.දැනට මෙම දුම්රිය ස්ථානය තිබෙන තැන පෙර තිබී ඇත්තේ අයාලේ ගිය බළලූන්ට නවාතැන් සැපයුණු ස්ථානයකි.දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එම නවාතැන කඩා බිද දැමෙනු ඇතැයි දැනගත් එය භාරව කටයුතු කළ වයස්ගත කාන්තාව දුම්රිය සමාගමේ ප‍්‍රධානියා වෙත ගොස් තම දුක්ගැනවිල්ල කියා දුම්රිය පළ ඉදිකෙරුණු පසු එහි නවාතැන් ගැනීමට බළලූන්ට ඉඩ දෙන ලෙසට ඉල්ලා තිබේ.ඇයගේ ඉල්ලීම පිළිගත් ප‍්‍රධානියා දුම්රියපළ බළලූන්ට විවෘත කළා පමණක් නොව ඔහුගේ සිත් ගත් තමන්ට වාසනාව ගෙන එනු ඇතැයි විශ්වාස කළ එක් බළලෙකු දුම්රිය ස්ථානාධිපති ධූරයට නිල වශයෙන්ම පත්කිරීමට කටයුතු කර ඇත.එම බළලා  ටාමාය.

ටාමා නිසා ජපානයේ අතිශය දුෂ්කර ප‍්‍රදේශයක් වන කිනොකාවා වෙත වසන්තය උදා වී ඇත.මේ කකුල් හතරේ ලොම් පිරුණු ස්ටේෂන් මාස්ටර් නැරඹිීමට සංචාරකයින් පැමිණෙන්නේ දහස් ගණනිනි.කිනොකාවා වැසියන්ගේ ජීවිකාව වී ඇත්තේ එසේ පැමිණෙන සංචාරකයින්ට සේවා සපයා දීමයි.තමන් ලද වාසනාවක් යැයි සළකන ටාමා ඔවුන් රැුකබලාගන්නේ ඔවුන්ගේ පණට සමවන ලෙසින්ය.

ටාමා නිසා කිනොකාවා ප‍්‍රදේශයේ වටිනාකම ඉහළ ගොස් ඇත්තේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.කිනොකාවා වෙත එතරම්ම සංචාරක ආකර්ෂණයක් දිනා දීමට ටාමා සමත්ව ඇත.

ෙජපානයේ දුෂ්කර ප‍්‍රදේශවල පිහිටන බොහෝ දුම්රිය ස්ථාන වල මෙන් කිනොකාවා දුම්රිය ස්ථානයේ සේවකයින් නොමැත.සියලූ රාජකාරි කටයුතු භාරව කටයුතු කරන්නේත් ටාමාය.ඒවා අතරට ඇතුලත් වන්නේ කාර්යාලයේ වීදුරුවෙන් දුම්රිය මාර්ගය දෙස බලා සිටීම,තමන්ට සංචාරකයින් ගෙන එන නානා විද ආහාර රස බැලීම, වැනි දේය.තමන්ට පැවරී ඇති වගකීම දැනගෙන සිටින නිසාදෝ රාජකාරියේ යෙදී සිටින විට ටාමා මදක් උඩගු බවක් පෙන්වයි.නමුත් සංචාරකයින් හා සුරතල් වීමේදී ටාමාගේ ඒ උඩගු බව කොහේගියා දැයි සොයා ගැනීමටවත් නොහැකිය.