අඩි 300 ක පමණ උස් ප්‍රපාතයකින් වැටිමෙන් පසුව ද ජීවත්වීමට වරම්ලද බල්ලකු එංගලන්තයේ නැගෙනහිර එසෙක්ස් ප්‍රාන්තයේ සිටී.

සුනඛයාගේ හිමිකරුවන් වන ක්ලෙයාර් මොරිස් සහ ඇයගේ සැමියා පවසන්නේ මාර්ක් රසල් පවසන්නේ ඔවුන්ගේ සුරතලා ජීවත් වේ යැයි ඔවුන් නොසිතු බවයි.

මුහුද ආසන්නයේ ඇති ප්‍රපාතයක කුරුල්ලන් ලූහු බදිමින් සිටිය දී බල්ලා බල්ලමට වැටී ඇත.

‘ඒක හරියට ටොම් ඇන්ඩ් ජෙරි කාටුනය වගේ.ලෙජි දුවමින් සිටියා.ඒත් එකවරම අතුරුදන් වුනා.මට කිසිදෙයක් හිතාගන්න බෑ.ඔහු කෙසේ බේරුණාද කියලා හිතාගන්න බෑ.ඔහු වතුරට වැටෙන්න ඇති,නියම කෝණයෙන් නියම තැනට.ඔහු දුවමින් සිටි නිසා ප්‍රපාතයේ කෙළවර ලෙජි දකින්න නැතුව ඇති‘ යනුවෙන් මොරිස් තවදුරටත් පැවසුවාය.

මෙම ප්‍රපාතයෙන් පහළට වැටුණු 11 වැන බල්ලා ලෙජි වන අතර 2010 වසර පසු ජිවිතය බේරාගත් පළමු බල්ලා වන්නේද ලෙජිය.

ලෙජි ප්‍රපාතයෙන් වැටුණු පසු ස්වේච්ඡා සේවකයන් පැමිණ ලෙජි බේරාගෙන නැවතත් ඔහුගේ හිමිකරුවන්ට භාර දී  ඇති අතර ස්වේච්ඡා සේවකයන් පවසන්නේ ලෙජිට සිරීමක්වත්  නැති බවයි.