‘වෂී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක් අතුරුදන් වූහ.
‘වෂී’ සුළි කුණාටුවෙන් බරපතළහානි සිදුවී ඇත්තේ පිලිපීනයට අයත් කුඩා දූපත්වලටය. එම දූපත්වල ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. උන්හිටි තැන් අහිමිවූවන්ගේ ගණන ලක්ෂයකි.
පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් හමා ගිය ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ ඉකුත් සිකුරාදා (16) රාති‍්‍රයේය. කුණාටුව හේතුවෙන් පැය 12 ක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලූණු බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මහ වැසි සමඟ පළාත් රැුසක හදිසි ජල ගැලීම් සහ නායයෑම් හටගත් අතර ඊට බිලිවී ඇත්තේ නිවෙස්වල නිදා සිටි පිරිස්ය. කුණාටුව හමා එද්දී මූදු ගිය ධීවරයන් 400 දෙනකු ද අතුරුදන්ව ඇතැයි වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
නායයෑම් නිසා ටොන් ගණනක් බර පස් තට්ටු යට සිරවූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදු කෙරෙන අතර වර්ෂාව ඊට බාධාවක් වී තිබේ.
සහන සේවා නිලධාරීන්ගේ සහායට හමුදා නිලධාරීන් 2,500 ක් යෙදවීමට පිලිපීනය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් ප‍්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ප‍්‍රදේශ රැුසකට විදුලි බලය ද අහිමි වී ඇත.
පිලිපීනය සෑම වසරකම චණ්ඩ මාරුත සහ සුළි කුණාටුවලින් බැට කන රටකි. එරට කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ සෑම වසරකට සුළි කුණාටු 20 කට වැඩි ප‍්‍රමාණයක් පිලිපීනය හරහා හමා යන බවය.
ඉකුත් සිකුරාදා පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණු අති ප‍්‍රබල සහ අති බිහිසුණු සුළි කුණාටුවක් යැයිද කාලගුණ විද්‍යා බලධාරීහු පෙන්වා දෙති.
‘වෂී’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දේපොල හානිය අතිමහත් බවත් එය කොපමණදැයි තවමත් ගණන් බලා නැති බවත් පිලිපීන බලධාරීහු වැඩි දුරටත් පවසති.
2025 නොවැම්බර් මස 04
20
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී