
ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.
ෂෙයික් හසීනා, උත්සාහ ගත්තේ, දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමටය. ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද පැවැසෙයි.
විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ගියේ සොහොයුරිය රෙහානා සමඟය. රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
ඔයාගෙ රටෙත් වැඩිපුර ඉන්නෙ ගවසම්පත නේද? බය වෙන්න එපා. ටික දවසක් යන කොට ඒ සම්පතට මේ සීන් එක අමතක වෙනවා ෂුවර්. එතකොට හිමීට ආපහු රිංගා ගන්න පුලුවන්. වෙන රටවල්වලින් අපිව බාරගන්නෙ නෑ නංගී.
මීළඟට ලිබියා
නන්දසේනට වඩා හොඳටමප්ලෑන් කරලා වගේ
ආර්ථික වශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගත බංග්ලාදේශය දැන් ඉතින් යලිත් විනාසයේ මඟ වෙත. රටකට ස්වාධීනව නැගිටින්නට ඉඩක් නොදෙන ජාත්‍යන්තර බලවේග දේශීය වසයෙන් ඔවුන්ගේ ඉත්තන් තෝරා ගෙන රට අරාජික කරනවා. ලංකාවේ ඒ කටයුත්ත ඉටු කරනු ලබන්නේ අනුර ප්‍රමිඛ ජවිපයයි. දේශීය අනන්‍යතාවට වැඩිපුර ඔවුන්ගේ හෙන්චය්යන් පහර දෙන්නෙත් එනිසයි. ලංකාවට නම් රනිල් මහතා හරි උන්නා ඊට මුහුණ දීමට. බන්ගලින්ට නම් කව්රුත් නැති පාටයි.
මැක්ස් කියන පුද්ගලයාට තිබෙන්නේ ජවිපෙ භීතිකාවකි. රටේ ගොවියන් කම්කරුවන් ,හෙදියන් සන්නද්ධ සේවයේ අය දස දහස් ගණන් රොද බැඳෙන පක්ෂයකට ඔබ වැනි කප්පං කරුවන් සහ සොරුන් වෙනුවෙන් හඬගානා අයෙකු කිසිම වැදගැම්මකට නෑ.
මැක්ස් ඔබට තිබුණ ඒ රටේ අගමැතිනියට කියන්න ඔය විකාර කෝටා ක්‍රමය අහෝසි කරලා සාධාරණය ඉටුකරන්න කියන්න. මෙහෙ ජවිපෙට අවලාද නගනවට වඩා කරන්න තිබුණේ එයයි
ඊගාවට පෝලිමේ ඉන්නේ ලංකාවේ අපත දේශපාලුවෝ සෙට් එක...
Max කියන්නේ ඇත්ත . ඒක මේ පහත් මානසිකත්වයක් සහිත පුද්ගලයන්ට තේරෙන්නේ නැහැ