පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය අධි රුධිර පීඩනය වැළඳීම අනතුරුදායක බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ ෆොරස්ට් බැප්ටිස්ට් වෛද්‍ය මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි.

මෙම විද්‍යාඥ කණ්ඩායම පවසා සිටින්නේ අධි රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කිරීමේදි වෛද්‍යවරුන්  පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. පිරිමි පාර්ශවයට වැළදෙන අධි රුධිර පීඩනය වඩා කාන්තා පාර්ශවයට වැළදෙන අධි රුධිර පීඩනයේදි සිදුවන කි්‍රයාවලිය වෙනස්  බව මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.

මීට පෙර වෛද්‍යවරුන් සිතා ඇත්තේ අධි රුධිර පීඩනයේදි ප්‍රතිකාර කිරීමට ලිංග භේදයන් නොමැති බවයි.එහෙත් මෙම නවතම පර්යේෂණයේදී අනාවරණය වී ඇත්තේ අධි රුධිර පීඩනයෙට ප්‍රතිකාර කිරීමේදි ලිංගභේදය සලකා බැලිය යුතු බවයි.

මේ අතර පසුගිය අවුරුදු 20ත් 30ත් අතර කාලය ඇතුළත හෘද රෝග හා කන්තුක වාහීනි රෝග ආශ්‍රයෙන් මියගිය පිරිමි පාර්ශවයේ ප්‍රමාණය අඩු වී ඇති බවත් හෘද රෝග හා කන්තුකවාහීනි රෝග ආශ්‍රිත කාන්තා මරණ ප්‍රමාණය වැඩි වී ඇති බවත් මෙම පර්යේෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයෙක් පැවසීය.

කාන්තා පාර්ශවයට හෘද රෝග වැළදෙන ප්‍රතිශතය පිරිමි පාර්ශවයට වඩා සියයට 30ත් 40ත් ප්‍රමාණයකින් වැඩි බව මෙහිදි තවදුරටත් අනාවරණය වී ඇත.

මීට අමතරව පිරිමි කන්තුක වාහීනි පද්ධතියේ වඩා කාන්තා කන්තුකවාහීනි පද්ධතියේ වෙනස්කම් ඇති බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.

(ඩේලිමේල් ඇසුරෙනි)