ඉරාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් පරාජයට පත්වන ලකුණු ඊයේ (4) ප‍්‍රකාශයට පත් කෙරුණු මූලික ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේය.
මැතිවරණයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ එරට ආගමික නායක අයිතුල්ලා අලී කුමේනිගේ දේශපාලන පක්ෂය.
මැතිවරණ පැවැත්වූයේ ඉකුත් සිකුරාදා (02) ය.
මන්තී‍්‍රවරුන් 290 දෙනකුගෙන් සමන්විත ඉරාන පාර්ලිමේන්තුවට, හමුදාමය සහ න්‍යෂ්ටික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලතල නොමැති අතර, මූලික ඡන්ද ප‍්‍රතිඵලයෙන් පෙනී යන්නේ රටේ අභ්‍යන්තර අරවුල් හට ගෙන ඇති බව යැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්වී සිටින ජනපති මොහොමඞ් අහමදිනෙජාද් බලයට පත්වූයේ 2009 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි.
ඔහු ජයග‍්‍රහණය කළේ දුෂණ හා ආක‍්‍රමිකතාවලින් යැයි චෝදනා කරමින් විපක්ෂ කණ්ඩායම් වීදි බැස විරෝධතා පැවැත් වූ නමුත් එම විරෝධතා මර්දනය කිරීමට අහමදිනෙජාද්ගේ නව රජය පියවර ගත්තේය.
කෙසේ නමුත් සිකුරාදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී දුෂණ වංචා සිදුවූයේ යැයි මෙතෙක් වාර්තා වී නැත.
ඉරානයේ බුද්ධි අංශ සහ විදේශ කටයුතු පිළිබඳ බලතල ඇත්තේ ද ආගමික නායක කුමේනිටය. එම බලතල ඔහුට අහිමි කිරීමට අහමදිනෙජාද් මෙම පාර්ලිමේන්තු මැතිවරණය අවියක් කර ගත් නමුදු එම උත්සාහය අසාර්ථක වී ඇතැයි එරට දේශපාලන විචාරකයෝ අවධාරණය කරති.
මේ අතර ඉරානය ඔවුන්ගේ පරමාණු බලශක්ති වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවත්, ලෝකයට තර්ජනයක් බවත් පවසමින්, ඉරානයට පහර දීමක් කළ යුතු යැයි පවසන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ අද (5) ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනපති ඔබාමා හමුවීමට නියමිතය.
ඇමෙරිකා ජනපති සහ ඊශ‍්‍රායල අගමැති අතර අද පැවැත්වීමට නියමිත එම සාකච්ඡා අතිශයින් තීරණාත්මක වන අතර හමුදා යොදවා ඉරානයට පහර දීමක් කළ යුතුද නැද්ද යන්න එහිදී තීරණය කෙරේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව මාට්ටු වෙන්නේ මේ පාර තමයි .එතකොට අපිට හුලන් තමයි බොන්න වෙන්නේ.....තෝරු මෝරු මරා ගද්දි හාල්මස්සන් ගැන කවර කතාද?