ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරියේ නිලධාරීහු පිරිසක් ඊයේ (29) ඉරානයට පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ ඉරාන ජනාධිපති මහම්මුද් අහමදිනෙජාද්ගේ විශේෂ ආරාධනාවක් සහ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනය. ඉරාන ජනාධිපති, පරමාණුක ශක්ති අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ තම රටට ඇවිත්, කැමැති විධියකට පරීක්ෂණ පවත්වා සත්‍යය කුමක්දැයි අවබෝධ කර ගන්නා ලෙසය. එ.ජා. නියෝජිත පිරිසට ඔවුන්ගේ රුචිකත්වය සහ ඉල්ලීම පරිදි ඉරානයේ ඕනෑම තැනකට ගොස් පරීක්ෂණ කටයුතු පැවැත්වීමට අවසර දෙන බවට ද ජනාධිපති මහම්මුද් අහමදිනෙජාද් සහතික වී ඇත. ඇමෙරිකාව, ඊශ‍්‍රායලය, බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට මුවා වී විනාශකාරී පරමාණු බෝම්බ නිපදවන බවය. එම හේතුව නිසාම ඉරානයට සම්බාධක පැනැවීම් ද සිදු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරමාණු බෝම්බ සොයන්න එ.ජා. නියෝජිතයෝ ඉරානයට