IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප‍්‍රතිකාර ගන්න ඩුබායි ගිය පාකිස්තාන ජනපති ඉල්ලා අස්වෙතැයි රාවයක්

හෘද රෝගයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරී, පෙරේදා (7) ඩුබායි බලා පිටත්වීමත් සමඟ ඔහු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට රාවයක් පැතිර ගියේය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, පාකිස්තාන ජනාධිපතිවරයා, සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඩුබායි ගිය බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නැති බවත් පාකිස්තාන අගමැති කාර්යාලය නිවේදනය කරයි. අගමැති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා, වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු වීමෙන් පසු සියරට පැමිණෙනු ඇති බවය. කෙසේ නමුත් රොයිටර් ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ ජනාධිපති සර්දාරි ඩුබායි ගියේ සුළු හෘදයාබාදයකට ලක්වීමෙන් පසුව බවය. ඉකුත් මැයි මාසයේ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වූ අල් කයිඩා නායක බින් ලාඩන් ඇමෙරිකා හමුදාව අතින් ඝාතනය වීමත් ඇමෙරිකා සහ නේටෝ ප‍්‍රහාරවලින් දිගින් දිගට පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීමත් සම්බන්ධයෙන් ජනාධිපති සර්දාරිට එරෙහි දැඩි ජනතා විරෝධයක් හට ගැනුණි. පාකිස්තාන ජනතාව චෝදනා කරන්නේ සර්දාරි, ඇමෙරිකාවේ වහලකු වී ඇති බවය.



අදහස් (0)

ප‍්‍රතිකාර ගන්න ඩුබායි ගිය පාකිස්තාන ජනපති ඉල්ලා අස්වෙතැයි රාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site