IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රාණඇපකරුවන් මරනවා - හමාස්

තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි හමාස් සටන්කාමීහු පවසති.

ඊශ්‍රායල රජය එසේ නොකරන්නේ නම්, ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් සියලු දෙනා ඝාතනය කිරීමට තමන් පසුබට නොවන බව ද හමාස් සටන්කාමීන් වැඩි දුරටත් පවසා තිබේ.

හමාස් සටන්කාමීන්ගේ මෙම ප්‍රකාශය, ඊශ්‍රායලයේ දැඩි කෝපයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ දකුණින් පිහිටි යූනිස් ඛාන් නගරය වට කරමින් දරුණු ලෙස පහර දීමට පටන්ගෙන ඇත්තේ ද මේ නිසාය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී, ඊශ්‍රායලයේ සිට, 240 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන ගාසා තීරයට රැගෙන ගියේය.

දින කීපයකට පමණක් සීමා වූ සටන් විරාමය අතරතුරේ, ප්‍රාණ ඇපකරුවන් බොහෝ දෙනකුට නිදහස හිමිවිය. එසේ වුවත්, තවමත් 130 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව පැවැසෙයි. හමාස් සටන්කාමීන්, ඝාතනය කිරීමට සූදානම් වෙනවා යැයි පැවැසෙන්නේ එම 130 දෙනාය.



අදහස් (0)

ප්‍රාණඇපකරුවන් මරනවා - හමාස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site