සිදුවූ වැරැදි සියල්ල නිවැරැදි කරන බවට, ප්‍රාන්ත සභා මැතිවරණයෙන් දරුණු පසුබෑමකට ලක් වූ ඉන්දියාවේ පාලක කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) රටට පොරොන්දුවක් දුන්නාය.
ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවැත් වුණු එම මැතිවරණයෙන් සෝනියාගේ කොංග්‍රසයට බලය තහවුරු කර ගැනීමට හැකි වූයේ මනිපූර් ප්‍රාන්තයේ පමණි.
කොංග්‍රසයේ බල කඳවුරක්ව පැවැති ගෝව ප්‍රාන්තයේ බලය පවා මෙවර කොංග්‍රසයෙන් ගිලිහී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘භාරතීය ජනතා පක්ෂය’ සතු විය.
”සෑම ප්‍රාන්තයකම ඡන්ද ප්‍රතිඵල අප අවධානයෙන් යුතුව විමසා බැලීමක් කළ යුතුයි. ඊට පස්සේ සිදුවූ වැරදි මොනවාදැයි සොයා බලා ඒවා නිවැරැදි කිරීමට පක්ෂයක් වශයෙන් එකමුතු විය යුතුයි. ශක්තිමත් විය යුතුයි. කළ වැරැදි සහ අප අතින් සිදුවූ වැරැදි යළි සිදු නොවීමට අප වගබලා ගත යුතුයි” කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලි නුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියාය.
සෝනියා ගාන්ධි මාධ්‍ය හමුවකට සහභාගී වන්නී ඉතා කලාතුරකිනි. පසුගිය දා ඇය යළිත් වරක් වෛද්‍ය පරීක්ෂණයකට ඇමෙරිකාවට ගියාය. ඇය යළි ඉන්දියාවට පැමිණියේ මීට දින කිහිපයකට කලින්ය. ඇය පිළිකාවකින් පෙළෙන බවත් ඉකුත් වසරේ ද ඇමෙරිකාවට ගොස් සැත්කමකට භාජන වූ බවත් වාර්තා විය. එහෙත් ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත.
පසුගියදා අවසන් වූ එම ප්‍රාන්ත සභා මැතිවරණයේ දී කාගේත් වැඩි උනන්දුවක් යොමු වූයේ ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය ද වන උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයටය. එහි ඡන්ද සටන මෙහෙය වූයේ සෝනියා ගාන්ධිගේ පුතු මෙන්ම කොංග්රස් පක්ෂ මහ ලේකම්වරයා ද වන රාහුල් ගාන්ධිය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරාජයෙන් පාඩම් ඉගෙන වැරැදි හදාගන්න කාලය ඇවිත් : සෝනියා ගාන්ධි කියයි