IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නවත්වන්න සිරියා ජනපතිට ඕනෑකමක් නෑ

සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්නවීමත් සමඟ එහි යැවූ තම සාම නිරීක්ෂණ කණ්ඩායම වහා ආපසු ගෙන්වා ගැනීමට අරාබි ලීගය ඊයේ (2) තීරණය කළේය. විරෝධතාකරුවන්ගේ සහ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ විරෝධතා දිගින් දිගටම එල්ල වුවත් බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්, අසීමිත ලෙස බලය පාවිච්චි කරමින්  විරෝධතාකරුවන් මර්දනය කරන බවත්, රටේ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට ජනපති අසාද්ට හෝ ඔහුගේ රජයට හෝ කිසිදු අවශ්‍යතාවක් නැති බවත් අරාබි ලීගයේ ප‍්‍රධානී නබිල් අල් අරාබී චෝදනා කරයි. අරාබි ලීගය සැලැසුම් කර තිබුණේ ඊයේ වනවිට තවත් නිරීක්ෂණ කණ්ඩායමක් සිරියාවේ ඩමැස්කස් අගනුවරට පිටත් කර හැරීමටය. එහෙත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වීමත් සමඟ එම තීරණය වෙනස් කිරීමටත්, සිරියාවට යැවුණු තම නිරීක්ෂකයන් යළි ගෙන්වා ගැනීමටත් තීරණය කළේ යැයි අරාබි ලීගයේ ප‍්‍රධානියා වැඩි දුරටත් කියා සිටියේය. සාමාජික රටවල් විසි දෙදෙනකුගෙන් සමන්විත අරාබි ලීගය, සිරියාවේ අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් සාම සැලැස්මක් හඳුන්වා දුන්නේ මීට මාසයකට පෙරය. ජනාධිපති අසාද් මුලදී එම සාම සැලැස්මට අකමැත්ත පළ කළේය. ඒ, එය නිර්මාණය කිරීමට විදේශවල මැදිහත් වීමක් පැවැති හෙයිනි. කෙසේ නමුත් අරාබි ලීගයේ බලපෑම් නිසා අවසානයේදී ජනාධිපති අසාද්ට අකමැත්තෙන් වුවද ඊට එකඟවීමට සිදුවිය. රටේ  ඕනෑම තැනකට ගොස් සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමටත් සත්‍යය කුමක්දැයි අවබෝධ කර ගැනීමටත් අරාබි ලීගයේ සාම නිරීක්ෂණ කණ්ඩායමට සිරියා රජයේ පූර්ණ සහාය ලබා දීමට ජනාධිපති අසාද් කැමැත්ත පළ කළේය. සාම නිරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණියේ ඒ අනුවය. අරාබි ලීග නියෝජිත කණ්ඩායම පළමුවෙන්ම හොම් සහ ඩමැස්කස් යන නගරවල සංචාරයේ යෙදුණේය. සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බහුලව සිදුවූයේ හොම් නගරයේය. සිරියා රජයේ ආරක්ෂාව යටතේ අරාබි ලීග නිරීක්ෂකයන් සිරියාවේ සංචාරය කිරීම ගැන සිරියා විපක්ෂ කණ්ඩායම් විරෝධය පළ කරයි. ඔවුන් කියා සිටියේ සිරියා රජයේ අනුග‍්‍රහය යටතේ පැවැත්වෙන සාම නිරීක්ෂණ කටයුතු සර්ව සාධාරණ නොවන බවය. මේ අතර පෙරේදා (1) ඩමැස්කස් අගනුවර රාජ්‍ය විරෝධී විරෝධතා පෙළපාළි රැුසක් පැවැත්වුණු. ඊට විපක්ෂ කණ්ඩායම් රැුසක් එක් ව සිටි බව වාර්තා විය. විපක්ෂ කණ්ඩායම් කියා සිටියේ අසාද්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව තමන් සන්ධානගත වූ බවය. විරෝධතාකරුවන් සහ  අසාද්ගේ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුමක් ද හට ගත් අතර එහිදී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්වූයේය. සිරියා අර්බුදය හටගත්තේ  ඉකුත් මාර්තු මාසයේදීය. ඒ, ටියුනීසියාවෙන් සහ ඊජිප්තුවෙන් ඇරැඹි විරෝධතා රැල්ලට සමගාමීවය. විරෝධතාකරුවන් මර්දනයට හමුදාව යොදවීය. හොම් නුවරදී යුද ටැංකි යොදා ගනිමින් විරෝධතාකරුවන්ට පහර දුන් බවට ජනාධිපති අසාද්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. සිරියා විරෝධතාකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් ආයුධ අතට ගත්තේ ඉන් පසුවය. ජනාධිපති අසාද් පවසන්නේ තම හමුදා සටන්කරන්නේ ආයුධ සන්නද්ධ පිරිස් සමඟ මිසක් විරෝධතා දක්වන සිවිල් වැසියන් සමඟ නොවන බවය. තම රට වැසියන් මරා දමන්න තරම් තමා උම්මත්තකයකු නොවන බව ද අසාද් පවසා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට සිරියා රජයේ ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරවලින් සිරියාවේ සිවිල් වැසියන් 5,585 දෙනකු මියගොස් ඇති බවය.හමුදා  ප‍්‍රහාරයකින්  තුවාල  ලැබූ  විරෝධතාකරුවකු රැගෙන යද්දී...



අදහස් (0)

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නවත්වන්න සිරියා ජනපතිට ඕනෑකමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 182 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 58 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site