දිනපතා විටමින් ඞී මාත‍්‍රාවක් ගැනීමෙන් කාන්තාවන්ට පියයුරු පිළිකාවෙන් වැළකී සිටිය හැකියැයි මහාචාර්ය කෙපා මුක්බෙල් ප‍්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි.
ඔහු බි‍්‍රතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් වරයාට දන්වා ඇත්තේ හිරු නැග එන අවස්ථාවේ විටමින් ඞී ලබාගන්නා ලෙස රෝහල්ගතව සිටින කාන්තාවන්ට පැවසීමෙන් පමණක් වාර්ෂිකව දහසකගේ ජීවිත බේරාගත හැකි බවයි.
මහාචාර්යවරයා පවසන්නේ පිළිකා රෝගය හඳුනා නොගත්ත ද සියළුම කාන්තාවන් විටමින් ඞී ගත යුතු බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ පිළිකා සෑදී නැතත් වයස අවුරුදු 20 ඉක්මවූ සෑම කාන්තාවක් ම විටමින් ඞී ගැනීමෙන් පියයුරු පිළිකාවලින් ඈත්ව සිටිය හැකියි. විටමින් ඞී වැඩි ප‍්‍රමාණයක් සිරුරේ පවතින විට පිළිකා ෙසෙල පරාජය වන බව තහවුරු වනවා. ’’
බි‍්‍රතාන්‍යයේ සෑම කාන්තාවන් 50,000ක් අතරින් එක් අයෙක් පියයුරු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇත. බි‍්‍රතාන්‍යයේ පියයුරු පිළිකාවලින් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 12,000කි.
මහාචාර්ය මොක්බෙල් පවසන්නේ විටමින් ඞී සිරුරට එක්වීමෙන් සිදුවන්නේ නිරෝගී ශක්තිමත් අස්ථි පද්ධතියක් ලැබීම වුව ද ඉන් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය මෙන් ෙසෙල විභේදන කි‍්‍රයාවලිට ද වැඩිදියුණු කරන බව මේ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදායේ මහජන සෞඛ්‍ය පිළිබඳ හාර්වඞ් පාසලට අනුව විටමින් ඞී ඌනතාවයෙන් පෙළීම ඔස්ටියෝපොරෝසිස්, හෘද රෝග, ඇතැම් පිළිකා සහ විවිධ ශරීර පටක ඝනවීම් වැනි නිදන්ගත රෝග ඇතිවීමට හේතුවක් වේ. එමෙන්ම ක්ෂය රෝගය සහ බෝවන උණ රෝග වැළඳීමේ අවදානම ද ඉහළ යයි.
මහාචාර්ය මැක්බෙල් සිදුකළ පර්යේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ විටමින් ඞී හේතුවෙන් පිළිකා ෙසෙල සාමාන්‍ය ෙසෙල බවට පත්වන බවයි. තව ද ප‍්‍රතිශක්තීකරණය වැඩි වන බව ද ඔහු පෙන්වා දී ඇත.
2008 වර්ෂයේ කැනඩාවේ කළ පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ පිළිකා රෝගීන් අතරින් සිරුරේ වැඩි විටමින් ඞී ප‍්‍රමාණයක් තිබූ රෝගීන් මරණයට පත්වූයේ එසේ නොතිබූ රෝගීන් හා සන්සන්දනය කිරීමේ දී අඩක ප‍්‍රමාණයක් බවයි. නෝර්වේ රාජ්‍යයේ සහ ජර්මනියේ කරන ලද අධ්‍යයනයකින් ද එම ප‍්‍රතිඵලය ම ලැබී ඇත.
බි‍්‍රතාන්‍යයේ පිළිකා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ජෙසිකා කර්බයි මහාචාර්ය මැක්බෙල්ගේ මතය හා එක`ග වන්නේ නැත. ඇය පවසන්නේ සිරුරේ ඇති විටමින් ඞී ප‍්‍රමාණය පියයුරු හා සම්බන්ධතාවක් නොදක්වන බවයි.
කෙසේ වෙතත් දකුණු ලන්ඩන් නගරයේ ශාන්ත ජෝර්ජ් රෝහලේ කාන්තාවන්ට විටමින් ඞී පෙති සැපයීමට පවුම් මිලියන සියයක් වසරකට වෙන්කැර ඇත.
පර්යේෂකයන් පවසන්නේ බැලේ නාට්‍යාංගනාවන් මේ පර්යේෂණයේ තත්ත්වය මනාව පැහැදිලි කරන බවයි.
බැලේ නැටුම්වල යෙනෙ කාන්තාවන් ඇට දිරීමේ රෝගයෙන් ආරක්ෂා කැර ගැනීමට ඔවුන්ට විටමින් ඞී ආරක්ෂාව ලබාදේ. පර්යේෂකයන් පවසන්නේ ඇට දිරීම වැළැක්වීමට පමණක් නොව බැලේ නැටුම් නටන කාන්තාවන්ගේ ආපසු පැනීමේ පිණුමට ද මේ විටමින් ඞී උපකාරීවන බවයි. විටමින් ඞී මාස කිහිපයක් පානය කිරීමෙන් පසු ඔවුන්ගේ පිම්ම සෙන්ටි මීටර තුනකින් ඉහළ ගිය බව පර්යේෂකයන් අධ්‍යයනය කැර ඇත. ඔවුන් පවසන්නේ විටමින් ඞී නාට්‍යාංගනාවන්ගේ පාදවල ශක්තිය පස් ගුණයකින් පමණ වැඩිකරවන බවයි.
විටමින් ඞී යනු හිරු එළියෙන් නොමිළයේ ම ලබාගත හැකි දෙයකි.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියයුරු පිළිකාවට විටමින් ඩී වැට බඳියි
සමදරා Thursday, 05 December 2013 09:38 AM
අම්මෝ මමත් විටමින් ඩී ගන්න ඕනේ (නදී)
ශාන් Thursday, 05 December 2013 02:19 AM
හොඳ පුවතක්. අපේ දුඹුරු හමෙන් විටමින් ඩී උරන්නේ සුළුවෙන් සුදු අයට වඩා. විටමින් ඩී තමන්ට අඩු බව ගොඩක් අයට තේරෙන්නේ නැත (නි)