තම සිත්ගත් තරුණිය හා විවාහ වීම ඇයගේ දෙමව්පියන් ප‍්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් පුද්ගලයෙකු එම තරුණියද රැගෙන වහලයකට නැගී නැටූ නාඩගමක් පිළිඹඳව චීනයෙන් වාර්තා වේ.
පිහියක් එක් අතකින් ගෙන අනෙක් අතින් තම පෙම්වතියද ඇදගෙන වහලය උඩට නැගි මේ පුද්ගලයා තම ඇදුම් උනා දමමින් ඇයටද ඇදුම් උනා දමන්නට යැයි අණ කළේ යැයි සිද්ධිය ඇසින් දුටූවන් පවසයි.අනතුරුව ඔහු පහළ වීදියේ රැස්ව සිටි සියගණනක් දෙනා බලා සිටයදී ඇයට නොයෙකුත් අසභ්‍යය වචනයෙන් බැණ වැදී ඇත.
තරුණිය ලැජ්ජාවට පත්කිරීම ඔහුගේ අරමුණ වන බවක් පෙනෙන්නට තිබුණේ යැයි සදහන්ය.
දෙමව්පියන් හා නෑයින් පැමිණ ඔහුව සන්සුන් කිරීමට තැත් කරත් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඔහු අවනතවීද නැත.
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබෙන අතර මෙම පුද්ගලයා පැමිණි පොලිස් නිළධාරීන්ට පවසා ඇත්තේ තමන්ට හා තම පෙම්වතියට පළා යාමට මෝටර් රථයක් සපයා දෙන ලෙසයි.නැතහොත් ඇයගේ දිවි තොර කරන්නේයැයි ඔහු අනතුරු අගවාද තිබේ.
පොලිස් නිළධාරීන් ඔහුගේ ඉල්ලීම් වලට කන්දෙන බවක් පෙන්්වා ඔහුව පහළට බස්සවාගෙන තිබෙන අතර අනතුරව ඔහු මත ට කඩාපැන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයාට අවුරුදු ගණනක් මහ උළු ගෙදර බත් රස බැලීමට සිදුවනු ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතිය සමඟ වහළට නඟී
පිටබැද්දර ජයා Thursday, 23 January 2014 06:57 PM
මෙයා මාර පොරක් නේද ? (අ)
හිරු Friday, 24 January 2014 11:40 AM
කථාව ඇත්ත ගීසරණි. චීනයෙන් එන හැම ප්‍රවෘත්තියක්ම කියවන කොට හිතෙන්නේ චිනෙ ඉන්න හැම මිනිහටම පිස්සු කියලා. (අ)
ගීසරණි Thursday, 23 January 2014 08:44 PM
චීනයේ ගොන්පාට් එක දවසයි. ඊළඟට හිරේ නැත්නම් මැරේ (අ)
ශාන්ති Thursday, 23 January 2014 09:01 PM
අනේ අනිච්චං මෙහෙමත් නාටක (අ)