තම සිත්ගත් තරුණිය හා විවාහ වීම ඇයගේ දෙමව්පියන් ප‍්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් පුද්ගලයෙකු එම තරුණියද රැගෙන වහලයකට නැගී නැටූ නාඩගමක් පිළිඹඳව චීනයෙන් වාර්තා වේ.

පිහියක් එක් අතකින් ගෙන අනෙක් අතින් තම පෙම්වතියද ඇදගෙන වහලය උඩට නැගි මේ පුද්ගලයා තම ඇදුම් උනා දමමින් ඇයටද ඇදුම් උනා දමන්නට යැයි අණ කළේ යැයි සිද්ධිය ඇසින් දුටූවන් පවසයි.අනතුරුව ඔහු පහළ වීදියේ රැස්ව සිටි සියගණනක් දෙනා බලා සිටයදී ඇයට නොයෙකුත් අසභ්‍යය වචනයෙන් බැණ වැදී ඇත.

තරුණිය ලැජ්ජාවට පත්කිරීම ඔහුගේ අරමුණ වන බවක් පෙනෙන්නට තිබුණේ යැයි සදහන්ය.

දෙමව්පියන් හා නෑයින් පැමිණ ඔහුව සන්සුන් කිරීමට තැත් කරත් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඔහු අවනතවීද නැත.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබෙන අතර මෙම පුද්ගලයා පැමිණි පොලිස් නිළධාරීන්ට පවසා ඇත්තේ තමන්ට හා තම පෙම්වතියට පළා යාමට මෝටර් රථයක් සපයා දෙන ලෙසයි.නැතහොත් ඇයගේ දිවි තොර කරන්නේයැයි ඔහු අනතුරු අගවාද තිබේ.

පොලිස් නිළධාරීන් ඔහුගේ ඉල්ලීම් වලට කන්දෙන බවක් පෙන්්වා ඔහුව පහළට බස්සවාගෙන තිබෙන අතර අනතුරව ඔහු මත ට කඩාපැන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයාට අවුරුදු ගණනක් මහ උළු ගෙදර බත් රස බැලීමට සිදුවනු ඇතැයි පොලිසිය කියයි.