මාර්ගය යටින් වූ කුණු ජලය ගලා යන ඇළ මාර්ග විවර විවරයකට තම පෙම්වතිය තල්ලූ කර දමා එහි මුවවිට වසා දමා ඇය එහි සිරකර තැබීයැයි පැවසෙන පෙම්වතෙක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සැරැසෙයි.
ආසන්නයේ වූ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති පරිදි මුලින් විවරයෙහි කට වසා තිබූ ලෝහ පියන ඉවත් කරන හෙතෙම එම විවරය කාඞ්බෝඞ් කැබැල්ලකින් ආවරණය කර ඔහුගේ පෙම්වතිය යැයි සැළකෙන කාන්තාවක කැටිව එයි.
ඔහුගේ උපක‍්‍රමය නොදන්නා බවක් පෙනෙන එම කාන්තාව කාඞ්බෝඞ් කැබැල්ල මතින් ඇවිද යන අතර එයත් සමගම ඇය විවරයට වැටෙයි. අනතුරුව ඔහු ඇය ඇතුළටම ඔබා පසුව පියනෙන්ද වසා ඉක්මන් ගමනින් පිටවී යනු එහි සටහන්ව තිබේ.
එම කාන්තාව පැය 60 ක් තිස්සේ එහි සිරවී සිට ඇති අතර ඇයගේ කෑගැසීම් අසා රැස්වූවන් ඇය පිටතට ගෙන වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
තමන්ගෙන් ගත් යුවාන් ලක්ෂයක් ආපසු ගෙවන්නයැයි තමන් බල කර සිටීම මෙසේ තමන්ට හිරිහැර කිරීමට හේතුව වන්නට ඇතැයි ඇය පොලිස් නිළධාරීන් හමුවේ පවසා තිබේ.
සිතාමතාම මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ පෙම්වතාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් ගති ඇති මිනිස්සු
ණයට දීලා එයා වලට වැටුනේ රෑ.ඊළඟට ඇත්තටම දවල්ම ආයේ වලට වැටුනා නේද? (අ)