IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙම්වතා පෙම්වතිය කුණු කාණුවේ හිර කරයි

මාර්ගය යටින් වූ කුණු ජලය ගලා යන ඇළ මාර්ග විවර විවරයකට තම පෙම්වතිය තල්ලූ කර දමා එහි මුවවිට වසා දමා ඇය එහි සිරකර තැබීයැයි පැවසෙන පෙම්වතෙක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සැරැසෙයි.

ආසන්නයේ වූ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති පරිදි මුලින් විවරයෙහි කට වසා තිබූ ලෝහ පියන ඉවත් කරන හෙතෙම එම විවරය කාඞ්බෝඞ් කැබැල්ලකින් ආවරණය කර ඔහුගේ පෙම්වතිය යැයි සැළකෙන කාන්තාවක කැටිව  එයි.

ඔහුගේ උපක‍්‍රමය නොදන්නා බවක් පෙනෙන එම කාන්තාව කාඞ්බෝඞ් කැබැල්ල මතින් ඇවිද යන අතර එයත් සමගම ඇය විවරයට වැටෙයි. අනතුරුව ඔහු ඇය ඇතුළටම ඔබා පසුව පියනෙන්ද වසා ඉක්මන් ගමනින් පිටවී යනු එහි සටහන්ව තිබේ.

එම කාන්තාව පැය 60 ක් තිස්සේ එහි සිරවී සිට ඇති අතර ඇයගේ කෑගැසීම් අසා රැස්වූවන් ඇය පිටතට ගෙන වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

තමන්ගෙන් ගත් යුවාන් ලක්ෂයක් ආපසු ගෙවන්නයැයි තමන් බල කර සිටීම මෙසේ තමන්ට හිරිහැර කිරීමට හේතුව වන්නට ඇතැයි ඇය පොලිස් නිළධාරීන් හමුවේ පවසා තිබේ.

සිතාමතාම මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ පෙම්වතාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.



අදහස් (0)

පෙම්වතා පෙම්වතිය කුණු කාණුවේ හිර කරයි

නලින් ප්‍රසන්න Tuesday, 25 February 2014 01:58 AM

තිරිසන් ගති ඇති මිනිස්සු

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 20 February 2014 09:39 PM

ණයට දීලා එයා වලට වැටුනේ රෑ.ඊළඟට ඇත්තටම දවල්ම ආයේ වලට වැටුනා නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site