පෙම්වතිය සමග දබර කර සාප්පු සංකීර්ණයක තට්ටු හතකින් බිමට පැන්න පෙම්වතෙක් චීනයේ ජියැංග්සු ප‍්‍රාන්තයේ සිටියි. ඔහු තවෝ ෂියෝ (38) නැමැත්තෙකි.

සාප්පු සවාරි ගොස් පැය 5 ක් පමණ ඇවිදීමෙන් හෙම්බත්ව සිටි තවෝ තවත් නම් යාමට නොහැකි බව පෙම්වතියට පැවසීය.

නමුත් පාවහන් අඩුවෙන් විකුණන තව එක් සාප්පුවකට පමණක් යාමට අවශ්‍ය බව පවසමින් ඇය ඔහු කී දේ නොසලකා හැරීයාය.

ඒ වන විටත් ඔසවාගෙන යා නොහැකි බෑග් ඔසවා සිටි ඔහු එය ප‍්‍රතික්ෂේප කරමින් අදට ඇති බව පැවසීය. එයින් කෝපයට පත් ඇය ලෝබ කම යැයි කියමින් ශබ්ද නඟා ඔහුට බැන වැදීමට පටන් ගත්හ.

එයින් කිපුණු ඔහු හිටි තැනම බෑග් බිම දමා දුවගෙන ගොස් හත්වන තට්ටුවේ සඳළුතලයෙන් බිමට පැන්නේ කිසි කෙනෙකුට නවතා ගන්නා හෝ සිතීමටවත් කාලයක් නොතබාය. සාප්පු සංකීර්ණයේ හදිසි අනතුරු ඒකකයේ පිරිසක් පැමිණ ඔහු වහා රෝහලට රැගෙන ගියාය.

සිද්ධිය සියැසින් දුටු සියල්ලන් පවසනුයේ සම්පූර්ණ වරද ඔහුගේ පෙම්වතිය සතු බවය. උත්සව සමයේ සාප්පු සවාරි යාමෙන් සෑම කෙනකුටම ඇති වන පීඩනය සිතා බැලීමට කාන්තාවන්ට මෙය අවස්ථාව උදා කළ දුන් බව බලධාරීන් සඳහන් කළේය.