පෙම්වතිය සමග දබර කර සාප්පු සංකීර්ණයක තට්ටු හතකින් බිමට පැන්න පෙම්වතෙක් චීනයේ ජියැංග්සු ප‍්‍රාන්තයේ සිටියි. ඔහු තවෝ ෂියෝ (38) නැමැත්තෙකි.
සාප්පු සවාරි ගොස් පැය 5 ක් පමණ ඇවිදීමෙන් හෙම්බත්ව සිටි තවෝ තවත් නම් යාමට නොහැකි බව පෙම්වතියට පැවසීය.
නමුත් පාවහන් අඩුවෙන් විකුණන තව එක් සාප්පුවකට පමණක් යාමට අවශ්‍ය බව පවසමින් ඇය ඔහු කී දේ නොසලකා හැරීයාය.
ඒ වන විටත් ඔසවාගෙන යා නොහැකි බෑග් ඔසවා සිටි ඔහු එය ප‍්‍රතික්ෂේප කරමින් අදට ඇති බව පැවසීය. එයින් කෝපයට පත් ඇය ලෝබ කම යැයි කියමින් ශබ්ද නඟා ඔහුට බැන වැදීමට පටන් ගත්හ.
එයින් කිපුණු ඔහු හිටි තැනම බෑග් බිම දමා දුවගෙන ගොස් හත්වන තට්ටුවේ සඳළුතලයෙන් බිමට පැන්නේ කිසි කෙනෙකුට නවතා ගන්නා හෝ සිතීමටවත් කාලයක් නොතබාය. සාප්පු සංකීර්ණයේ හදිසි අනතුරු ඒකකයේ පිරිසක් පැමිණ ඔහු වහා රෝහලට රැගෙන ගියාය.
සිද්ධිය සියැසින් දුටු සියල්ලන් පවසනුයේ සම්පූර්ණ වරද ඔහුගේ පෙම්වතිය සතු බවය. උත්සව සමයේ සාප්පු සවාරි යාමෙන් සෑම කෙනකුටම ඇති වන පීඩනය සිතා බැලීමට කාන්තාවන්ට මෙය අවස්ථාව උදා කළ දුන් බව බලධාරීන් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතා තට්ටු හතකින් පනී
ලෝචන Friday, 13 December 2013 08:13 PM
කෙල්ලෝ එක්ක සාප්පු සවාරි යන එක තරම් තවත් මෝඩ වැඩක් තියනවද? (නදී)
ෂෙරිෆ් Thursday, 12 December 2013 03:17 PM
කසාද බඳින්න කලින් හොඳ තීරණයක් අරන්.... (ස)
සම්පත් Friday, 13 December 2013 09:32 PM
මටත් එහෙම හිතුන අවස්ථා 3 ක් 4ක් ම තියනවා .(නදී)
මංගලා Thursday, 12 December 2013 05:35 PM
මදැයි සාප්පු සවාරි ගියා (නි)
ඉසුරු Friday, 13 December 2013 05:47 PM
ලංකාවේ කෙල්ලොන්ට හොද පාඩමක්.(නදී)
මෙන්ඩිස් Thursday, 12 December 2013 11:07 AM
මෝඩයෙක්... (ස)
ප්‍රියන්ත Saturday, 14 December 2013 04:00 AM
සාප්පු සවාරි ගැහැනු අය එක්ක චීන්නු ගියාට අපිනම් යන්නේ නැහැ. මේ කොන්ඩෙ බැදපු චීනෙක්ද කොහෙද? (නදී)
දිනේෂ් Thursday, 12 December 2013 11:15 AM
මෝඩයෙක්නෙ. හරි නම් කෙල්ලනෙ උස්සල පහලට දන්නා තිබුනේ. (ස)
දුමින්ද Friday, 13 December 2013 11:37 AM
හැම රටකම කාන්තාවන් එක සමානයි. චීනයේ කාන්තාවන් පිරිමින්ට සාපෙක්ෂාව අඩුයිලු. එම නිසා එයාල ගණන් උස්සනවා ඇතී.(නදී)
දේශ Friday, 13 December 2013 11:50 AM
හරිම නුවණක්කාර වැඩක් (නි)
හෆ්සාල් Thursday, 12 December 2013 12:30 PM
අනේ පිස්සෙක්. දාන්න තිබ්බේ කෙල්ලව නේ පල්ලෙහාට. (ස)
ශාන්ති Thursday, 12 December 2013 12:31 PM
ඇත්තනේ. එයා හොඳට නෝනා වගේ යයි. අර මනුස්සයට හුස්ම ගන්ඩවත් බැරි වෙන්ඩ බඩු පටවලා. (ස)
සාරධා Thursday, 12 December 2013 01:00 PM
මේ වගේ ගෑණියෙක් එක්ක ඉන්නවට වඩා තට්ටු හතකින් පනින එක සැපයි කියල හිතෙන්න ඇති. (ස)