ලෝ සුපතල ටයිම්ස් සගරාව ‘වසරේ මිනිසා’ ෆ‍්‍රැන්සිස් පාප්තුමා (76)තෝරා ගත් බව එහි කර්තෘ නැන්සි ගිබ්ස් නිවේදනය කර තිබේ. ඇමරිකා රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් දෙවැනි ස්ථානයට පත් විය.

කෝටි 120 ක කතෝලික ජනතාවගේ ප‍්‍රධානත්වය හිමි කර ගනිමින් පාප් පදවියට හිමිකම් කීමට සමත් වීමත්, මාස නමයක් ඇතුළත ඔහු කර ඇති සේවයත්, ඉතා කෙටි කාලයකින් ලොකයේම අවධානය දිනා ගැනීමට සමත් වීමත් මෙම ජයග‍්‍රහණයට හේතු වී ඇත.

මෙම වසර සඳහා 10 දෙනෙකුගේ නම් යෝජනා වී තිබිණ. සිරියානු ජනපති බෂීර් අල්-අසාද්, ඉරාන ජනපති සහන් රොහානි, ඇමරිකා සෙනට් සභික ටෙඞ් ක‍්‍රස්, සමලිංගික අයිතීය ලබා ගැනීමට සටන් කළ එඞී වින්ඩ්සර්, ඇමරිකා ජනපති බරක් ඔබාමා, පාප්තුමා, එඞ්වඞ් ස්නෝව්ඩන් සහ පොප් ගායක මිලී ඒ අතර වෙති.

2027 වසරේ සිට ටයිම්ස් සගරාව විසින් වාර්ෂිකව පුද්ගලයෙක් ‘වසරේ මිනිසා’ ලෙස තෝරා ගනු ලැබේ. මේ සඳහා ඔවුන් අදාල වර්ෂයේ හොඳ හෝ නරක ප‍්‍රධාන පුවත් මවන්නන් තෝරා ගනී. 2012 වසරේ තේරී පත් වූයේ ඇමරිකාජනපති බැරක් ඔබාමාය