ජීවය පවතින පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක තවත් වසර 10 ක් 15 ක් ගතවන විටදී සොයාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
පෘථිවිය හා සමාන ග‍්‍රහයෙකු සොයා ලොව විවිධ ආයතන පර්යේෂණ කරයි.එවායේ වාර්තා අනුව පෙනී යන්නේ පෘථිවිය හා සම වන ග‍්‍රහලොවක් අප සිතනවාට වඩා ඉක්මනින් සොයාගත හැකි වනු ඇති බවයි.
ඇමරිකාවේ කි‍්‍රයාත්මක වන අභ්‍යාවකාශයේ වෙනත් ජීවය පවතින්නේද යන්න සොයාබැලීම සදහා පර්යේෂණ පවත්වන සෙටී ආයතනයේ ආචාර්ය ෆ්?න්ක් මාර්චිස් පවසනුයේ කාලයත් සමග අභ්‍යාවකාශයේ තොරතුරු සොයාගැනීමට භාවිතා කළ දුරේක්ෂ ආදී උපකරණ වල දියුණුව අභ්‍යාවකාශයේ රහස් අනාවරණය කර ගැනීම පහසු කරනු ඇති බවයි.
චිලීයේ පිහිටුවා ඇති ජෙමිනි අභ්‍යාවකාශ නිරීක්ෂක මධ්‍යස්ථානය අභ්‍යාවකාශ නිරීක්ෂක උපකරණ වල පරිනාමයේ අද්විතීය ස්ථානය හිමිකරගෙන සිටී.මින් පෙර නොවූ ලෙසට ග‍්‍රහයන්ගේ හා තාරකා වල පිහිටීම හා චලනය නිරීක්ෂණය කිරීමට ජෙමිනි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති දුරේක්ෂයෙන් හැකියාව ඇත.
පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක අභ්‍යාවකාශයේ පැවතිය හැකි වුවත් ඒවා ඉතා අල්ප ප‍්‍රමාණයකින් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ මුලදී සිතා සිටියහ.පෘථිවිය හා සම වන පරිසරයක් පැවතීමට සැපිරිය යුතු අවශ්‍යතා ගණනාවක් තිබීම මිීට හේතුවයි.නමුත් ඇතැම් අවස්ථාවන්හි ග‍්‍රහයෙකුගේ මතුපිට ස්ථරය ජීවය සදහා සුදුසු නොවූවත් ග‍්‍රහයාගේ අභ්‍යන්තරය එසේ නොවනු ඇතැයි නව මතයක් දැන් ඉදිරිපත්වී තිබේ.මේ අනුව විද්‍යාඥයින් පවසනුයේ ජීවය ඇතැයි සැළකිය හැකි ග‍්‍රහලෝක සිතා සිටියාට වඩා කිහිප ගුණයකින් වැඩි ගණනක් අභ්‍යාවකාශයේ ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ග්‍රහ ලෝක හොයන්නෙ මේක පුලුවන් තරම් විනාශ කරලා දුප්පත් මිනිස්සුන්ට ඉන්න ලෝකයක් නැති කරලා.. බුදු දහමේ කිව්වත් ජීවය තියෙන ලෝක තියෙන තැන් දන්න අය නම් කියන්න එපා මේ මෘගයන්ට. ඒ ලෝක වල තියන ජීවයත් නැති කරයි. (අ)
කෝටි ප්‍රකෝටි ගණනක් සක්වල තියෙවා, මේ මොහොතේ තව ලෝකෙක ජීවින් මොන යම් හෝ කර්තව්‍යක නිරත වෙලා ඇති (දී)
අපගේ පංච ඉන්ද්‍රියන් වලට හසුවන ලෝක ගැන තමයි ඔය හොයන්නේ. එවැනි ලෝක තව නැත. දිවිය ලෝක ප්‍රේත ලෝක කොපමණ තිබුනත් ඔය මහ ලොකු තාක්ෂණයට අල්ලගන්න බැහැ (දිල්)
මෙම බුධිමත් පිරිසට පරිණාමය ගැන අමතක වෙලා වගේ, ජීවය අදාල පරිසරයට ගැලපෙන ආකාරයට නිර්මාණය වෙයි. එනිසා සුදුසු එම ජීවියට පරිසරයක සැමවිටම ඔවුන් ජීවත් වෙයි, අපට සිටින කදිම උදාහරණයක් ලෙස පෙනහළු සහිත මාළුවා දක්වන්න පුළුවන්. එතකොට අපි මේ සොයන්නේ ජීවයද,මානවයාට ජීවත් වීමට පෘතුවියට සමාන වෙනත් ග්‍රහලෝවක්ද, නැත්නම් ආර්ථික වර්ධනයට ඛනිජ සම්පත්ද කියල ගැටළු තියනවා (දිල්)
මේක විතරක් නොවයි තව අසංක ප්‍රමාණයක් ඇති (දී)
මට තියෙන ගැටලුව ඊළඟ මාසේ ජීවත්වෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියල. බුදුහාමුදුරුවෝ කිව්වනේ පිටසක්වල ගැන හොයන්න එක තේරුමක් නෑ කියල. අපි ජීවිත කොයි වෙලාවෙද කියල නෑ. ඒක නිසා මේවා හොයාගන්න වෙලාවට අපි නැති වෙන්න පුළුවන්. ඉතින් හම්බ උනහම කියන්නකෝ.(නදී)
ඔයා හරි රවින්..එක තමඊ හේතුව (දී)
ඔච්චර වියදම් කරන්නේ මොකටද ලංකාවට ඇවිත් මෙහෙ ජීවීන් ගැන හොයල බලන්න කියන්නකෝ පිටසක්වල නිශ්ශබ්ද්ධ තාවයට එහා (අ).....
මංගලගේ අදහස හරි. (අ)
ඕවා නාසා එකෙන් කියන්න කලින් අපේ බුදු හාමුදුරුවෝ කියුවා ඒවා නොපිළිගත්ත මිනිස්සු දැන් මේවා පිලි ගන්නවා (දී)
අවස්ථා දෙකක් පවතී 1.අප සම්පුර්ණයෙන්ම විශ්වයේ තනි ව් ඇත 2.නැතිනම් තවත් ජීවීන් විශ්වයේ ජීවත් වේ. -මේ දෙකම එක ලෙස බියකරු වේ. (දී)
වෙන්න ඇති....වෙන්න ඇති.... (දී)
බුදු දහමට අනුව පෘතුවිය අසල තවත් ජීවින් සිටින ග්‍රහලෝක 2ක් තියෙනවා (දී)
ඔයා හරි මටත් එහෙම හිතෙනවා (දී)
මංගල ඔයා හරියට හරි
අර කලකට ඉස්සෙල්ල අඟහරු ලෝකේ කට්ටියක් ඉන්නවා කියපු අයමද මේකත් කියන්නේ?(අ)
විශ්වයන්හි ජීවය සොයන්න හැකි ලේසිම ක්‍රමය භාවනා කොට හිත දියුණු කිරිමෙන් එය ඉතාම ලාභ දායකයි. හැබැයි භාවනාවෙන් හිත දියුණු කළ පසු ඒ පර්යේෂකයාට නැවත විශ්වය ගැන තොරතුරු අනෙක් අයට ප්‍රකාශ කරාවිද යන්න සැක සහිතය. මක්නිසාද එය කිසිවෙකුටත් ප්‍ර යෝජනයක් නැති නිසාය. බැරිවෙලාවත් වෙනත් ජීවින් සිටින ග්‍රහලොවක් සොයාගතහොත් තවත් යුද්ධයක් ආරම්භය. එහි සිටින ජීවින් පෘතුවියෙන් ආරක්ෂාවිමට යුද්ධ කරාවි. පෘථුවියේ අය තමන්ට ඒ ග්‍රහලොව තනිවම අයිතිකරගැනීමට යුද්ධ කරාවි අන්තිමට ග්‍රහලොව දෙකම ග්‍රහක බවට පත්වෙලායි නවතින්නේ.(නදී)
කොහොමත් අපි තනි නැහැ තමයි (දී)
අනේ මන්ද අපේ මිනිස්සු තාම හදට විතරයි පය තියෙලා තියෙන්නේ (අ)
මේ විශ්ව දාතුවේ ජීවින් සිටින ලෝක තව කොයි තරම් ඇතිද (දී)
අයියෝ, ඔය ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන හොයන ඒවා බුදුහාමුදුරැවො දැනට අවුරැදු 2600 විතර කලින් පැහැදිලිව දේශනා කරල තියෙනවනේ. ලංකාවට ඇවිත් අභිධර්මය, ත්‍රිපිටකය කියවලා ධර්මය අවබෝධ කරගැනීමට භාවනා කලානම් ඔය කියන ඔක්කොම ලෝක හැබැහින්ම දැකගන්න පුලුවන්. ඒත් බුදුහාමුදුරැවො දේශනා කලා විශ්වය ගැන හොයන එක කාලය නාස්ති කිරීමක් කියලත්, නිශ්ඵල කාරණයක් කියලත්. (දී)
ජීවය ඇති ග්‍රහලෝක තිබෙනවා කියාලා ප්‍රත්‍යක්ෂ කර නොගෙන, තව ටික කලකින් මේවා හොයා ගන්නවා කියන එක මට නම් දේශපාලන පොරොන්දුවක් වගේ.(අ)
මේක තමා .තාක්ෂණේ දයුණුව කියන්නේ තව අවරුදු 100 ගියාම කාටවත් හිත ගන්න බැරිවෙයි 2014 අපි මොනවද හිතුවේ කියල (අ)
මංගල හරි. මේවගෙන් තේරෙනවා මේ ගොල්ලෝ විද්‍යාඥයෝ කිව්වට බුදු හාමුදුරුවෝ විශ්වය ගැන දේශනා කරලා තියෙන දේවල් වලින් තාම අංශු මාත්‍රයක් වත් හොයා ගෙන නැහැ. දන්නෙත් නැහැ. (නදී)