IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පණ ඇති සතුන් සිටින තවත් ලොවක් ළඟදීම

ජීවය පවතින පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක තවත් වසර 10 ක් 15 ක් ගතවන විටදී සොයාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

පෘථිවිය හා සමාන ග‍්‍රහයෙකු සොයා ලොව විවිධ ආයතන පර්යේෂණ  කරයි.එවායේ වාර්තා අනුව පෙනී යන්නේ පෘථිවිය හා සම වන ග‍්‍රහලොවක් අප සිතනවාට වඩා ඉක්මනින් සොයාගත හැකි වනු ඇති බවයි.

ඇමරිකාවේ කි‍්‍රයාත්මක වන අභ්‍යාවකාශයේ වෙනත් ජීවය පවතින්නේද යන්න සොයාබැලීම සදහා පර්යේෂණ පවත්වන සෙටී ආයතනයේ ආචාර්ය ෆ්?න්ක් මාර්චිස් පවසනුයේ කාලයත් සමග අභ්‍යාවකාශයේ තොරතුරු සොයාගැනීමට භාවිතා කළ දුරේක්ෂ ආදී උපකරණ වල දියුණුව අභ්‍යාවකාශයේ රහස් අනාවරණය කර ගැනීම පහසු කරනු ඇති බවයි.

චිලීයේ පිහිටුවා ඇති ජෙමිනි අභ්‍යාවකාශ නිරීක්ෂක මධ්‍යස්ථානය අභ්‍යාවකාශ නිරීක්ෂක උපකරණ වල පරිනාමයේ අද්විතීය ස්ථානය හිමිකරගෙන සිටී.මින් පෙර නොවූ ලෙසට ග‍්‍රහයන්ගේ හා තාරකා වල පිහිටීම හා චලනය නිරීක්ෂණය කිරීමට ජෙමිනි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති දුරේක්ෂයෙන් හැකියාව ඇත.

පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක අභ්‍යාවකාශයේ පැවතිය හැකි වුවත් ඒවා ඉතා අල්ප ප‍්‍රමාණයකින් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ මුලදී සිතා සිටියහ.පෘථිවිය හා සම වන පරිසරයක් පැවතීමට සැපිරිය යුතු අවශ්‍යතා ගණනාවක් තිබීම මිීට හේතුවයි.නමුත් ඇතැම් අවස්ථාවන්හි ග‍්‍රහයෙකුගේ මතුපිට ස්ථරය ජීවය සදහා සුදුසු නොවූවත් ග‍්‍රහයාගේ අභ්‍යන්තරය එසේ නොවනු ඇතැයි නව මතයක් දැන් ඉදිරිපත්වී තිබේ.මේ අනුව විද්‍යාඥයින් පවසනුයේ ජීවය ඇතැයි සැළකිය හැකි ග‍්‍රහලෝක සිතා සිටියාට වඩා කිහිප ගුණයකින් වැඩි ගණනක් අභ්‍යාවකාශයේ ඇති බවයි.

 

 



අදහස් (0)

පණ ඇති සතුන් සිටින තවත් ලොවක් ළඟදීම

ප්‍රසංගි Thursday, 16 January 2014 09:04 AM

අලුත් ග්‍රහ ලෝක හොයන්නෙ මේක පුලුවන් තරම් විනාශ කරලා දුප්පත් මිනිස්සුන්ට ඉන්න ලෝකයක් නැති කරලා.. බුදු දහමේ කිව්වත් ජීවය තියෙන ලෝක තියෙන තැන් දන්න අය නම් කියන්න එපා මේ මෘගයන්ට. ඒ ලෝක වල තියන ජීවයත් නැති කරයි. (අ)

:       0       0

කනිෂ්ක Wednesday, 15 January 2014 04:09 PM

කෝටි ප්‍රකෝටි ගණනක් සක්වල තියෙවා, මේ මොහොතේ තව ලෝකෙක ජීවින් මොන යම් හෝ කර්තව්‍යක නිරත වෙලා ඇති (දී)

:       0       0

කුමාර Thursday, 16 January 2014 10:12 AM

අපගේ පංච ඉන්ද්‍රියන් වලට හසුවන ලෝක ගැන තමයි ඔය හොයන්නේ. එවැනි ලෝක තව නැත. දිවිය ලෝක ප්‍රේත ලෝක කොපමණ තිබුනත් ඔය මහ ලොකු තාක්ෂණයට අල්ලගන්න බැහැ (දිල්)

:       0       0

රවින් Thursday, 16 January 2014 11:00 AM

මෙම බුධිමත් පිරිසට පරිණාමය ගැන අමතක වෙලා වගේ, ජීවය අදාල පරිසරයට ගැලපෙන ආකාරයට නිර්මාණය වෙයි. එනිසා සුදුසු එම ජීවියට පරිසරයක සැමවිටම ඔවුන් ජීවත් වෙයි, අපට සිටින කදිම උදාහරණයක් ලෙස පෙනහළු සහිත මාළුවා දක්වන්න පුළුවන්. එතකොට අපි මේ සොයන්නේ ජීවයද,මානවයාට ජීවත් වීමට පෘතුවියට සමාන වෙනත් ග්‍රහලෝවක්ද, නැත්නම් ආර්ථික වර්ධනයට ඛනිජ සම්පත්ද කියල ගැටළු තියනවා (දිල්)

:       0       0

සුනෙත් Thursday, 16 January 2014 11:35 AM

මේක විතරක් නොවයි තව අසංක ප්‍රමාණයක් ඇති (දී)

:       0       0

එරංග Thursday, 16 January 2014 12:19 PM

මට තියෙන ගැටලුව ඊළඟ මාසේ ජීවත්වෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියල. බුදුහාමුදුරුවෝ කිව්වනේ පිටසක්වල ගැන හොයන්න එක තේරුමක් නෑ කියල. අපි ජීවිත කොයි වෙලාවෙද කියල නෑ. ඒක නිසා මේවා හොයාගන්න වෙලාවට අපි නැති වෙන්න පුළුවන්. ඉතින් හම්බ උනහම කියන්නකෝ.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 16 January 2014 01:15 PM

ඔයා හරි රවින්..එක තමඊ හේතුව (දී)

:       0       0

ශේහාන් Wednesday, 15 January 2014 07:56 PM

ඔච්චර වියදම් කරන්නේ මොකටද ලංකාවට ඇවිත් මෙහෙ ජීවීන් ගැන හොයල බලන්න කියන්නකෝ පිටසක්වල නිශ්ශබ්ද්ධ තාවයට එහා (අ).....

:       0       0

මහේන්ද්‍ර Wednesday, 15 January 2014 08:09 PM

මංගලගේ අදහස හරි. (අ)

:       0       0

සුජිත් Thursday, 16 January 2014 04:00 PM

ඕවා නාසා එකෙන් කියන්න කලින් අපේ බුදු හාමුදුරුවෝ කියුවා ඒවා නොපිළිගත්ත මිනිස්සු දැන් මේවා පිලි ගන්නවා (දී)

:       0       0

සම්පත් Thursday, 16 January 2014 04:00 PM

අවස්ථා දෙකක් පවතී 1.අප සම්පුර්ණයෙන්ම විශ්වයේ තනි ව් ඇත 2.නැතිනම් තවත් ජීවීන් විශ්වයේ ජීවත් වේ. -මේ දෙකම එක ලෙස බියකරු වේ. (දී)

:       0       0

ගැමුණු Thursday, 16 January 2014 04:09 PM

වෙන්න ඇති....වෙන්න ඇති.... (දී)

:       0       0

යොහාන් Thursday, 16 January 2014 04:09 PM

බුදු දහමට අනුව පෘතුවිය අසල තවත් ජීවින් සිටින ග්‍රහලෝක 2ක් තියෙනවා (දී)

:       0       0

ගයන් Thursday, 16 January 2014 04:09 PM

ඔයා හරි මටත් එහෙම හිතෙනවා (දී)

:       0       0

පූර්ණ ඩුබායි Wednesday, 15 January 2014 11:01 PM

මංගල ඔයා හරියට හරි

:       0       0

පෙරේරා Thursday, 16 January 2014 02:02 AM

අර කලකට ඉස්සෙල්ල අඟහරු ලෝකේ කට්ටියක් ඉන්නවා කියපු අයමද මේකත් කියන්නේ?(අ)

:       0       0

ජී ශිරාණි Thursday, 16 January 2014 05:18 PM

විශ්වයන්හි ජීවය සොයන්න හැකි ලේසිම ක්‍රමය භාවනා කොට හිත දියුණු කිරිමෙන් එය ඉතාම ලාභ දායකයි. හැබැයි භාවනාවෙන් හිත දියුණු කළ පසු ඒ පර්යේෂකයාට නැවත විශ්වය ගැන තොරතුරු අනෙක් අයට ප්‍රකාශ කරාවිද යන්න සැක සහිතය. මක්නිසාද එය කිසිවෙකුටත් ප්‍ර යෝජනයක් නැති නිසාය. බැරිවෙලාවත් වෙනත් ජීවින් සිටින ග්‍රහලොවක් සොයාගතහොත් තවත් යුද්ධයක් ආරම්භය. එහි සිටින ජීවින් පෘතුවියෙන් ආරක්ෂාවිමට යුද්ධ කරාවි. පෘථුවියේ අය තමන්ට ඒ ග්‍රහලොව තනිවම අයිතිකරගැනීමට යුද්ධ කරාවි අන්තිමට ග්‍රහලොව දෙකම ග්‍රහක බවට පත්වෙලායි නවතින්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 01:43 PM

කොහොමත් අපි තනි නැහැ තමයි (දී)

:       0       0

ගයන් Thursday, 16 January 2014 05:35 AM

අනේ මන්ද අපේ මිනිස්සු තාම හදට විතරයි පය තියෙලා තියෙන්නේ (අ)

:       0       0

යොහාන් Wednesday, 15 January 2014 02:01 PM

මේ විශ්ව දාතුවේ ජීවින් සිටින ලෝක තව කොයි තරම් ඇතිද (දී)

:       0       0

මංගල Wednesday, 15 January 2014 03:11 PM

අයියෝ, ඔය ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන හොයන ඒවා බුදුහාමුදුරැවො දැනට අවුරැදු 2600 විතර කලින් පැහැදිලිව දේශනා කරල තියෙනවනේ. ලංකාවට ඇවිත් අභිධර්මය, ත්‍රිපිටකය කියවලා ධර්මය අවබෝධ කරගැනීමට භාවනා කලානම් ඔය කියන ඔක්කොම ලෝක හැබැහින්ම දැකගන්න පුලුවන්. ඒත් බුදුහාමුදුරැවො දේශනා කලා විශ්වය ගැන හොයන එක කාලය නාස්ති කිරීමක් කියලත්, නිශ්ඵල කාරණයක් කියලත්. (දී)

:       0       0

උපුල් Thursday, 16 January 2014 07:52 PM

ජීවය ඇති ග්‍රහලෝක තිබෙනවා කියාලා ප්‍රත්‍යක්ෂ කර නොගෙන, තව ටික කලකින් මේවා හොයා ගන්නවා කියන එක මට නම් දේශපාලන පොරොන්දුවක් වගේ.(අ)

:       0       0

ශානුක Thursday, 16 January 2014 08:34 PM

මේක තමා .තාක්ෂණේ දයුණුව කියන්නේ තව අවරුදු 100 ගියාම කාටවත් හිත ගන්න බැරිවෙයි 2014 අපි මොනවද හිතුවේ කියල (අ)

:       0       0

ලංකා Thursday, 16 January 2014 08:37 AM

මංගල හරි. මේවගෙන් තේරෙනවා මේ ගොල්ලෝ විද්‍යාඥයෝ කිව්වට බුදු හාමුදුරුවෝ විශ්වය ගැන දේශනා කරලා තියෙන දේවල් වලින් තාම අංශු මාත්‍රයක් වත් හොයා ගෙන නැහැ. දන්නෙත් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site