IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුටුව ලෙඩ ගොඩකට අත වනයි

පුටුවේ වාඩි වී පැය ගණන් ගත කරන පුද්ගලයින්ට ඉහළ සෞඛ්‍ය අවදානමක් ඇතැයි ඇමරිකා පර්යේෂක පිරිසක් සිදුකර තිබෙන අධ්‍යනයකින් අනාවරණයව තිබේ.

එවන් පුද්ගලයින්ට දියවැඩියාව,අධික රුධිර පීඩනය,හිසරදය,සන්ධි ප‍්‍රදාහ වැනි රෝග වල සිට ඉතා බරපතල තත්ත්වයන් වන පිළිකා පවා ඇතිවිය හැකියැයි පර්යේෂක පිරිස සොයාගෙන ඇත.

බොහෝ වේලාවක් ඉදගෙන කාලය ගත කිරීමේදී පාදවලට සිදුවන රුධිර ගමනාගමනය යම් පමණකට හෝ අවහිර වීම මෙවන් තත්ත්වයන් ඇතිවීමට හේතුව යැයි පර්යේෂක පිරිස කියයි.

ඉදගෙන සිටින ආකාරය අනුවද ඇතිවන රෝගී තත්ත්වයන් ඔවුන් තම අධ්‍යනයෙන් පෙන්වා දී තිබේ.කුදු වී හිදගෙන වැඩ කටයුතු වල යෙදෙන පුද්ගලයින්ට නිරන්තරයෙන් ඇතිවන හිසරදය හා ඇගපත කැක්කුම් වැනි රෝග වලින් පීඩා විදීමට සිදුවනු ඇතැයි කියන ඔවුන් එයට හේතුව ලෙස පෙන්වා දී තිබෙන්නේ කුදු වී වැඩ කරද්දී ගෙල පෙදෙසේ පිහිටන ස්නායූන් මත හා පිට පැත්තේ පිහිටන මාංශ පේෂීන් මත යෙදෙන අමතර පීඩනයයි.මේ අමාරුකම් කල් ගතවීමේදී නිදන්ගත වන තත්ත්වයටම පත්වීමේ අවදානමක් ඇතැයි සදහන්ය.

තවද කුදු වී හිදගෙන වැඩෙහි යෙදෙද්දී කෂේරුව සකස් වී ඇති අස්ථි අතර පිහිටන කාටිලේජ ලිස්සා යා හැකි බව කියන ඔවුන් එමගින් කොන්දේ හැඩය අක‍්‍රමවත් වීමට ඉඩ ඇතැයි පවසයි.

බරපතල රෝගී තත්ත්වයන් වන පිළිකා හා මොළයේ ආබාධයන් ඇතිවීමද වැඩි වේලාවක් හා නිවැරදි ඉරියව්වෙන් තොරව ඉදගෙන සිටීමෙන් ඇති වන්නේ යැයි පර්යේෂක පිරිස කියයි.කෙසේ නමුත් මෙවැනි තත්ත්වයන් වක‍්‍රව ඇතිවන ඒවා බව අධ්‍යන වාර්තාවේ දැක්වේ.

පිළියම් ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ විනාඩි කිහිපයකටවත් හෝ නැගිට එහා මෙහා ඇවිදීම යෝග්‍ය වන බවයි.එමගින් අන්තරාය තත්ත්වයෙන් මිදීමට හැකි බව පර්යේෂක පිරිස පවසයි.

 

 



අදහස් (0)

පුටුව ලෙඩ ගොඩකට අත වනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site