IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පුටින්ට එරෙහිව යළිත් මොස්කව් නුවර විරෝධතා

රුසියාවේ වත්මන් අගමැති මෙන්ම එලැඹෙන වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෙරේදා (24) යළිත් වරක් මොස්කව් නුවරදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. දස දහස් ගණනින් සහභාගී වූ එම විරෝධතා රැලිය සංවිධානය කර තිබුණේ රුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. රුසියාවේ මහ මැතිවරණය පැවැත්වූයේ ඉකුත් 4 වැනිදාය. එම මැතිවරණය දූෂිත බවටත් අක‍්‍රමිකතා රැුසක් සිදුවූ බවටත් අගමැති පුටින් සහ ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව්ට ජනතාවගෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ පුටින් සහ මෙඞ්වදේව්ගේ එක්සත් රුසියා පක්ෂයයි. එහෙත් ඔවුන්ට බහුතර බලය හිමිකර ගැනීමට හැකි නොවිණි. එම මැතිවරණයෙන් පසුව ද රුසියාවේ මොස්කව් ඇතුළු ප‍්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. මේ අතර සෝවියට් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මිහායිල් ගොර්බචොව් ඊයේ (25) ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටියේ ජනතා විරෝධයට කන් දී අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසටය. ලබන වසරේදී පැවැත්වෙන ජනාධිපති- වරණයට ඉදිරිපත් නොවන්නැයි ද ගොර්බචොව් ඉල්ලීමක් කර තිබේ. ”සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියාවට ශක්තියක් වුණේ පුටින්. ජනපති ධුරයේ සිටිද්දී ඔහු ශක්තිමත් නායකයකු වූ බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මා පුටින්ගෙන් ඉල්ලා සිටිනවා වසර 12 ක් තිස්සේ කළ සේවය වෙනුවෙන් ලැබුණු හොඳ නමට කැළැලක් වීමට ඉඩ නොදී වහාම අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කියා” යැයි හිටපු ජනපති ගොර්බචොව් පවසයි. වසර 20 කට ඉහතදී ගොර්බචොව්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ද ඔහුට එරෙහිව ජනතා අප‍්‍රසාදයක් ගොඩ නැගීමෙනි.



අදහස් (0)

පුටින්ට එරෙහිව යළිත් මොස්කව් නුවර විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 202 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site