මේ දිනවල සීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන රුසියාවෙන් ඇසෙන පුවත් රාශියකි.තරග ජය පැරදුම්,ගැටුම්,කී‍්‍රඩක කී‍්‍රඩිකාවටන්ට සිදුවූ අකරතැබ්බ ඒවා අතර ප‍්‍රධානය.රුසියාව නුහුරු විදේශිකයින් මවන පුවත්ද ඒවා අතර නැතුවාම නොවේ.
ඩෙන්මාර්ක ගුවන් යානා සේවයක හිමිකරුවෙකු රුසියා ජනපති ව්ලැදිමිීන් පුටීන්ගේ සීත සෘතු නිවහන වටා පිහිටි වැටට සුළු දිය දමා හසුවීම එවැන්නකි.
ඇටිලේ උසුලූ නම් වන මේ පුද්ගලයා ඔහු සිදුකළ ‘‘වරදට‘‘ පැයක් පමණ පොලිස් භාරයේ තබාගෙන නිදහස් කිරීමට රුසියා ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.ඒ නිකන්ම නොව පවුම් 830 ක (රු)දඩයක්ද අයකරගෙනය.
නිදහස්වූ පසු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ ඇටිලේ පැවසුවේ තමන් මුත‍්‍රා කරමින් සිටින විට එක්වනම රුසියා හමුදා භටයින් පිරිසක් තමා වට කර ගත් බවයි.
‘‘මම මිතුරන් එක්ක විනෝද වෙලා ආපසු මගේ නවාතැන වෙත එනගමන් හිටියේ.පොඩි අවශ්‍යතාවක් ඇති වු නිසා පැත්තක තිබ්බ වැටක් ගාවට ගියා.එකපාරටම මා වට කරගත්තේ හමුදා භටයින් පිරිසක්.ඔවුන් ඇසුවා මේ කාගේ ගේදැයි දන්නවාද කියලා.මම නැහැ කිව්වා.ඔවුන්ට තවත් තරහ ගියා වගේ‘‘ ඔහු පැවසීය.
ඔවුන් තමන්ව සයිබීරියාවට පිටත්කර හරින්නේයැයි පැවසූ බවද ඔහු කීවේය.
ඇටිලේ උසුලූ ඩෙන්මාර්ක කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයෙකුද වන බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නැමති නායකයෙක්.(නදී)
ලෝකයේ ගොඩක් රටවල ප්‍රසිද්ධ ස්ථානවල මුත්‍රා කිරීම තහනම්. මේ සුද්ද ගුවන් සමාගමක අයිතිකාරයෙක් නම් මෙවැනි ක්‍රියාවක් කරේ මේ වෙලාවේ ඔලිම්පික් උළෙල රුසියාවේ පැවතෙන නිසා කලබලයක් හදල ලොකු ප්‍රචාරයක් ලබාගන්න. (නදී);
පුටින් යනු අපේ කාලයේ වීරයෙක්.ඔහුගේ මේ නිවසෙනුත් අපට හිතන්න ගොඩක් දේ ඇත. (දී)
මේ දවස් වල අමෙරිකාවෙ නිව්ස් බැලුවොත් 90% ක්ම තියෙන්නෙ රැසියාවෙ තියෙන ඔලිම්පික් උළෙලෙ තියෙන අඩුපාඩු ගැන විතරමයි. අමෙරිකාවෙ හීනමානෙ සහ ඊර්ෂ්‍යාව හොදට පේනවා මේ නිව්ස් වලින් මොළේ ඇතුව බලනවා නම්. පුදුමෙ කියන්නෙ මේවා ලියන්නෙ මාධ්‍යවේදියොනෙ. ලියන අත මාධ්‍යවේදියාගෙ නමුත් අතට රිමෝට් එකක් හයිකරලා ඒකෙ ස්විච් එක තියෙන්නෙ පුවත්පත් අයිතිකාර අමෙරිකානුවා ලඟ. ඔන්න අමෙරිකාවෙ මාධ්‍ය නිදහස. (නදී)
හොඳ වෙලාවට රුසියාවේ නිසා දඩ කාල බේරුනා. ලංකාවේ උනානම් පෙට්ටියේ ගෙදර යන්න වෙන්නේ,.(නදී)
මේක හදිසි අවශ්‍යතාවයක් නිසා වෙච්ච අකරතැබ්බයක්. ඒ උනාට මතකද ලංකාවේ ඇමති කෙනෙක් ඉස්සර දකුණු පළාතේ හෝටලයක නාන තටාකයකට සුළුදිය දැම්මේ. දඩ නැතිව ගෙදරගියේ (දී)