තදට බදින ඉන පටි, තිසර පට, අත් ඔරලෝසු හා තදැති සපත්තු හේතුවෙන් සොරයිසස් හෙවත් පොතුකබර නමැති රෝගය හටගැනීමේ අවදානමක් පවතින බව මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ සමේ රෝග පිළිබඳ මහාචාර්ය ක්‍රිස් ග්‍රිප් මහතා පවසයි.
හිමමත ලිස්සායාම පිළිබද උපදේශකවරයෙක් වූ රිචර්ඩ් ඒ කෝර්නර් තමන් භාවිතා කළ හිම මත ලිස්සායන සපත්තු හේතුවෙන් සොරයිසස් රෝගය වැළදීම සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දක්වා තිබිණි. ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්ය ග්‍රිප් මේ බව කියා සිටියේය.
මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ පොතුකබර රෝගය ද සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවයි. එය ප්‍රවේණිගත රෝගයකි. ප්‍රතිශක්තියට අදාල සෛල වැරදීමකින් හොදින් ඇති සෞඛ්‍ය සම්පන්න සෛල වලට පහරදීමෙන් පොතුකබර රෝගය හටගන්නා බව පර්යේෂණවලින් තහවුරු කැරගෙන ඇත. එහි ප්‍රතිඵලය ස්වභාවික නොවේ. මියයන සෛල සිරුරේ සම මතුපිට තැන්පත් විම හේතුවෙන් සම ඝන වී ගොස් කොරපොතු මෙන් දිස්වේ. ඉන් තද කැසීමක් ඇතිවේ. පොතුකබර ඇතැම් අයගේ ඉක්මණින් දක්නට නොලැබේ. ආතතියෙන් පෙළීම, මධ්‍යසාර පානය කිරීම සහ ඇතැම් ඖෂධ දීර්ඝකාලයක් භාවිතා කිරීම ද මේ රෝගය ඇතිවීමට හේතුවක් බව සොයාගෙන ඇත.
මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ ප්‍රථම වරට සමට හානියක් වූ විට ද පොතුකබර ඇතිවිය හැකි බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ සොරයිසිස් සැදිම සම්බන්ධයෙන් කිසිවෙකුට ස්ථිරව යමක් කිව නොහැකි බවයි. සමේ මතුපිට ස්ථරයට යමි රසායනිකයක් නිකුත්විම මගින් මෙම රෝගයට නැඹුරුව ඇති අයට එම රෝගය ඉස්මතුවේ. ඔවුන්ගේ සම සාමාන්‍ය පෙනුමක් ගනියි. නමුත් සිතේ ඇතිවන කම්පනය නිසා හෝ අධිරුධිර පිඩනය හේතුවෙන් මෙම රෝගය උත්සන්න වේ. සිරෝසිස් පිළබඳව ස්ථිරව යමක් පැවසිය නොහැකි බවත් එය සුව වන බව හෝ නරක අතට හැරෙන බව හෝ කිව නොහැකි බවත් මහාචාර්ය වරයා කියයි.
තදින් බඳින ලද බඳ පටියේ පීඩනය, අත් ඔරලෝසුවේ පටිය හෝ තිසර පටිය තද වීම මෙම රෝගය ඇවිස්සීමට හේතුවේ. තවද පච්ච කෙටීම, එනනත් විදීම, කෘමි සතුන් සපාකෑම, සහ හිරු රස්නෙන් පිලිස්සීම ද මේ තත්වයට පත්වීමට හේතුවකි. සමකැසීම හෝ සීරීම මෙම රෝගය මතුවීමට හේතුවන බව සමේ රෝග විශේෂඥ ඇඩම් ප්‍රිඩ්මන් පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපිය දැක්කට පසුව මමත් විමසිලිමත් උනා. පැය විසිහතරක්ම අතේ ඔරලෝසුව බැඳන් ඉන්න මගේ, අතේ දදයක් වැනි යමකින් ඔරලෝසුව බැදෙන ප්‍රමාණයේ සම දැන් නිතරම ගොරෝසුයි ...? ස්තූතියි ලංකාදීපයට මේ බැවින් දැනුවත් කලාට ...? (ස)
යාලුවනේ මට මේ රෝගය මාස හයකට පාරක් හැදෙනවා. හොඳ වෙද මහත්මයෙක් කියන්න ලංකාවේ ඉන්න. ලොකු උදව්වක්. (ස)
සමීර, සිංහල වෙද මහත්මයෙක් නම් දන්නේ නැහැ. ඒත් රාගම පේරලන්දේ ඉන්නවා සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. පොතු කබර නෙවෙයි මේ වගේ ආසාදනයක් තිබුනා. මගේ හිතවතෙක් හොඳටම සුව වුනා.(නදී)
විශේෂ බෙහෙතක් නැතිව පොතු කබර හොද වෙනවද (දී)
නොදන්නා දෙයක් දැන ගත්තා.ලංකාදීපයට අපේ ස්තුතිය. (නි)
ඉහත මගේ අදහස පළවෙලා තියෙන්නේ වැරදි අදහසක් එන විදියට. එම ආසාදනය තිබුනේ මගේ හිතවෙතකුට. එම වෛද්‍යවරයාගේ ප්‍රතිකාර වලින් ඔහුට සුවවුණා.(නදී)
කොටහේනේ පොලිසියේ පාරේ වෙදගෙදරට යන්න.දෙකක් නැහැ (දිල්)
කෝ අපේ අදහස් දාන කට්ටිය.මේ වගේ වටිනා පුවතකට අදහස් දාන්නැද්ද?? ඉතා වටිනා ලිපියක්. මෙවැනි වටිනා ලිපියකින් අප දැනුවත් කරාට ලංකාදීපයට ස්තූතියි. (ස)
සමීර, මෙය සුව කිරීම කාටවත් එක එල්ලේ කල නොහැක. ප්‍රසිද්ධ දොස්තර වරු පවා මෙම රෝගයේ පෙලෙයි. කුමන ප්‍රතිකාරය ගත්තත් බොහෝ විට මෙම ප්‍රතිකාර ගැලපෙන්නේ මත්පැන් සහ සිගරට් නොබොන මිනිසුන්ටය. ඔවුන්ට රෝගය වේගයෙන් පැතිර යාමද පාලනය කර ගැනීමට පුළුවන. දිවීම වැනි වෙහෙසකර ව්‍යායාම මගින් දහඩිය දැමීම නිසා අපවිත්‍ර, කිළුටු අම්ලයන් සහ අනෙකුත් ද්‍රව්‍ය සමෙන් වාෂ්ප වේ.(ස)
නිතර මෙවැනි දැනුවත් කිරීම් පළකිරීම් ගැන ලංකාදීපයට ස්තුතියි. මගේ හිතවත් පාඨක මිතුරු මිතුරියන්ට වැදගත් තොරතුරක්. (නි)
සමීර අනේ මෝඩ වෙන්න එපා වෙද මහත්වරු සොයල. මහා රෝහලේ සමේ රෝග සායනයට යන්න. ලෙඩේ නැති ගානටම අඩු කරන්න එතනට පුළුවනි. රස්තියාදු වෙන්න අමාරු නම් පමණක් එහි දොස්තර කෙනෙක් චැනල් කරන්න. තාම ලෝකයේ කාටවත්ම මේක නිට්ටාවට සුව කරන්න බැහැ.ලංකාදීපයට ස්තුති. (අ)