බ්‍රිතාන්‍යයේ ජෝන් ලෙවිස් ව්‍යාපාර ජාලයේ හිමිකරුට කුඩා දැරියක් සමාව අයදැමින් ලිපියක් එව්වාය.
කේම්බ්‍රිජ් හි පිහිටි ජෝන් ලෙවිස් ආයතනයට පැමි‚ කුඩා දැරියක අතින් නත්තල් සැරසිල්ලක් කැඩී ගොස් ඇති අතර එම දැරිය එයට සමාව ඉල්ලමින් හා එම සැරසිල්ලේ වටිනාකමට සරිලන මුදල් ද සමඟ ඇගේ අත්අකුරින් ලියූ ලිපියක් එවා ව්‍යාපාර හිමිකරුට යවා ඇත.
ෆේයිත් නම් වන ඇය පස් වැනි වියෙහි පසුවෙන්නීය. එම සැරසිල්ලේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් දෙකකි. (රුපියල් 428 කි).
සැරසිල්ල ඇගේ අතින් කැඩී යාම සම්බන්ධයෙන් දැරිය සමාව ඉල්ලා ඇති අතර එම ලිපිය සමඟම පවුම් දෙක ද ජෝන් ලෙවිස් ව්‍යාපාර ජාලයේ කේම්බ්‍රිජ් ශාඛාවේ ගබඩා දෙපාර්තමේනතුවේ නමට එවා ඇති බව එම ව්‍යාපාරයේ කේම්බ්‍රිජ් ශාඛාවේ ගබඩා පාලක ඩොමිනික් ජොයිස් පැවසීය.
ඔහු කියනුයේ එම ලිපියේ ‘ආපසු‘ ලිපිනයක් නොවූ බවයි.
දැරිය විසින් යැවුණු ලිපියේ මෙසේ ද දක්වා ඇත.
‘ජෝන් ලෙවිස් වෙත,
මට සමාවෙන්න.සෙනසුරාදා මගේ අතින් නත්තල් සැරසිල්ලක් කැඩුණා. ඒක පවුම් දෙකක්.මෙන්න ඒකේ සල්ලි.මට නැවතත් සමාවෙන්න. මම ෆේයිත්.අවුරුදු පහයි.‘
මෙම ලිපිය ලැබීමත් සමඟ දුකට පත්වූ ජෝන් ලෙවිස් කේම්බ්‍රිජ් සාප්පු සංකීර්ණයේ සේවකයන් දැරිය කවුදැයි සේවීම ආරම්භ කර ඇත.
එසේම ජෝන් ලෙවිස් කේම්බ්‍රිජ් සාප්පු සංකීර්ණයේ ගබඩා ප්‍රධානී ඩොමිනික් ජොයිස් පැවසුවේ දැරිය හමුවුණහොත් එම ලිපිය පිළිබඳව ස්තූතිවන්ත වන බවයි.
තවදුරටත් ඩොමිනික් පවසා සිටියේ ෆේයිත් සාප්පු සංකීර්ණයට පැමි‚යේ අවුරුද්දේ කාර්ය බහුලම සති අන්තයක බවයි.
‘ඇගේ උසස් ක්‍රියාවට අප ස්තූතිවන්ත විය යුතුයි.එසේම අපේ සාප්පු සංකීර්ණයට ඇයට එන්න කියලා ඇයට කැමති දෙයක් ගන්න අපි අවස්ථාව ලබාදෙනවා.‘ යනුවෙන් ඩොමිනික් තවදුරටත් පවසා සිටියේය.
ඩොමිනික් සිය ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියේ ප‚විඩයක් තබමින් මෙම දැරිය සොයාගැනීමට උදව් කරන ලෙසයි.
මෙම ප‚වුඩයට පිළිතුරක් වශයෙන් එක් කාන්තාවක් සිය ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියේ ප‚වුඩයක් තබමින් පවසා ඇත්තේ තමා කුඩා දැරියකගේ අතින් නත්තල් සැරසිල්ලක් බිම වැටෙනු දුටු බවයි.
(ඩේලිමේල් ඇසුරිණි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම ළමයෙක්ම මලක් වගෙය්.අපේ ළමයිනුත් අහිංසකයි,පිවිතුරුයි. (ස) .
ඇත්තෙන්ම දෙමාපියෙක් හැටියට ..දරුවන්ට දියයුතු එකම දේ අධ්‍යාපනය ..? ඒ අධ්‍යාපනයට ..එක්විය යුතු දේ එමටයි ..පොත පතට දැනුම පාසලෙන් ලැබෙන්න ඕන ..හොඳ පුරවැසියෙක් වීමට අවශ්‍ය කරන මුලික සුදුසුකම් ටිකවන ..අවංක කම ..හොඳ පුරුදු ,වැඩිහිටියන්ට ගරුකිරීම ..හොඳ සිරිත් විරිත් අපේ හොඳ චාරිත්‍ර සමඟ ලොවටම ගැලපෙන උතුම් මිනිස් ගුණයන් ..දෙමාපියන් දරුවන්ට උදේ පාසලට ඇරලවනවා...ගෙදර එනකොට හවස පන්ති යවනවා ..අධ්‍යාපනය පමණයි, නිවසට අවාම ..නිවසේ ..ඇති..දහසකුත් අප්‍රසන්න දේ සමගින් දරුවා ලොකු මහත්වෙන්නේ පරිසරයේ තියන අනෙක දේවල් අහුලා ගනිමින් ..ඒ වගේ ප්‍රතිපල අද දෙමාපියෝ දකින්නේ නැහැ ..සමාජයට පෙනුනත් ගණනක්වත් නැහැ ?ඒ සැමදේම සාමාන්‍ය දේවල් බවට පත්වෙලා ..?තම තමන්ගේ දරුවන් ..තම පවඅලටත් සමාජයටත් රටටත් යහපත් පුරවැසියෙක් කරන්න පුළුවන්නේ නිවසෙන් පමණයි ...? යහපත් හැදියාවක් .ආදර්ශයක් ලැබෙන්නේ නිවසේ අයගේ ක්‍රියාවන් තුලින් ...ආදර්ශතුලින් ..? වැඩිහිටියෝ මේවා ප්‍රගුණ කරන්න ඕන. තම දරුවෝ ගමන් කරන්නේ තම අඩිපාරේ කියන දේ නිතර හිතන්න ඕන ...? එවිට තම දරුවෝ අනිවාර්යෙන් යහපත් පුරවැසියෝ වෙනවා මිනිස් ගුණ සමගින් නොඅනුමානයි ..!! (ස)
මෙවැනි දරුවන් අප රටේද නැතුවා නෙමෙයි! තවමත් අප රටේ දැහැමි සමාජ වටපිටාවක හැදෙන එවැනි දරුවන් ඒමට සිටි! එසේම ඔය කියන රටෙත් ගුරුවරුන්ට පිහියෙන් එන මරණ දරුවනුත් සිටි! අප මෙම පිටුවෙන්ම එවැනි පුවත් දෙකක් පසුගිය මට මතක හැටියට පසුගිය මාස දෙක තුල බැලුවා මට මතකයි! (ස)
මේවට දේශපාලන, ආර්ථික, සමාජ තත්වයන් බලපානවා.අපේ දරුවන්ට නම් දෙයියෝ සාක්කි. (ස)
අපේ රටේ ජනතාවගේ හැටි දන්නවනේ, පිට රට ළමයෙක් මොනවහරි අගයන වැඩක් කලොත් ඒක පස්සේ ගහින් තප්පුලනවා. අපේ ළමයින්ව බාල්දු කරලා, අපේ පොලවේ පලගත්තු ලොකු පුවක් ගෙඩියක් දැක්කොත් මේ රට පුවක්නේ කියල කියන මෝඩයෝ ලංකාවේ ගොඩාක් ඉන්නවා. (ස)
ඔය වගේ එක සිද්දියක් එංගලන්තෙට ලොකු දෙයක්. මොකද ඒ වගේ දේවල් වෙන්නේ කලාතුරකින් නිසා. එත් ලංකාවේ ඒ වගේ දේවල් ඕන තරම් වෙනවා. ඒවාට මේ වගේ ප්‍රසිද්දියක් ලැබෙන්නේ නෑ. අපේ සමහරුන්ට සුද්දෙක් අධෝ වාතයක් යැව්වත් හරි ලොකුයි. (අ)
ලංකාවේ ඉන්න දේශප්‍රේමීන්ට නම් මේක තවත් එක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ස)
ගාල්ලේ සජීව, ස්තුතියි ඔබට! අදහස් පළකර ඇති සැම දෙනා ඉතා වටිනා බුද්ධිමත් අදහස් පලකොට තිබෙනවා. ඒ අතරින් සුමංගල ඇල්පිටිය මහතා පළකර ඇති අදහස ඉතාම යථාර්තවාදියි. මේක තමා අපේ රටේ තිබෙන සැබෑ තත්වය. බොරු ෆෙයිත්ලා වැසි වසියි! ප්‍රයෝගයෙන්, කපටිකමින් දරුවන් ජනප්‍රිය කරවීමට උත්සහ කිරීම දැන් මව්පියන්ගේ විලාසිතාවක් වෙලා. අප රටේ වැඩිහිටියන් තම නිවාස තුලදී "සමාවෙන්න" යන වචනය භාවිතා කරන්නේ කීයෙන් කීදෙනාද? මව හෝ පියා හෝ වැඩිහිටියෙකු දරුවෙකු ගෙන් සමාව අයදිම අප සමාජයේ ඉතාම විරල සිදුවීමක් වන්නට පුළුවන්. ගුරුවරයෙකු කිසියම් අතපසුවිමකදී පාසලේ සිසුන් හට "සමාවෙන්න" යන උතුම් වචනය භාවිතා කරනවද? වැඩිහිටියන් ප්‍රයෝගිකව භාවිතා නොකරන දේ කුඩා දරුවන්ගෙන් නම් අප උපරිමයෙන් බලාපොරොත්තු වීමත් එක අතකට හාස්‍යට කරුණක්. වර්තමාන සමාජයේ නම්, සමහරු සිතාමතාම තව අයෙකුට කනේ පාරක් ගසා හෝ පොල්ලකින් පහරදී ඔලුවක් පලා "නඩු මගින් බේරීම සඳහා සමාව අයැදීම" නම්, කුඩා දරුවන්ට මෙන්ම අපටත් බහුලවදැක ගත හැකි සුලබ දර්ශනයන්ය. ආර්ථිකය කෙසේ වෙතත්, යහපත් සමාජයක් රට තුල බිහිවේවා යන්න අපගේ පැතුමයි! (ස)
කුසුම් අක්කේ, ඔයාගේ අදහස ඉතාම සත්‍යයි. අද ස්තුතියි කියන එක වෙනුවට තෑන්ක් යූ කියන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා. ඒත් සැබෑ ජීවිතයෙදි ඒ වචනයවත් ඇහෙන්නේ කලාතුරකින් නේද? අපි දවසක් නිමා කලාම කීදෙනෙක් අපට උදව් කරලා ඇත්ද? කී දෙනෙකුට අපේ අතින් සුළු වරදක් හරි සිදු වෙන්න ඇතිද කියලා,කල්පනා කරලා බලන්න පුලුවන් නම් හොඳයි. අපි ඒ අයගේ හිත සතුටු වෙන්න යමක් කියලා කරලා තියෙනවා නම් අපට සතුටු වෙන්න පුලුවන්. අනෙක, ඔයා කීවා වගේ, අපි තමන්ගේ කෙනෙක් උදව්වක් කළාම වුනත් ස්තුති කරනවා නම් සහ වරදක් වුණාම සමාව ගන්නවා නම් හොඳයි කියලයි මටත් හිතෙන්නේ. මොකද අපි වෙනුවෙන් ඒ අය හිතවත්ව ලඟ ඉන්න නිසා... (ස)
මේ එක සිද්ධියකින් සමස්ත දරු පරපුර ගැන නිගමන වලට බහින එක නම් වැරදියි. දරුවන් ආදර්ශය ගන්නේ දෙමවුපියන්ගෙන් පාසලෙන් හා ඇසුරු කරන දරුවන්ගෙන්. ශාන් කියනවා වගේ දියුණු රටවල ළමයින් ළමයින් විදිහට හැදෙන්න පරිසරයක් තිබෙනවා. අපේ පරිසරය කොහොම එකක්ද කියල අපි දන්නවනේ. හොරු රංචුවකට වැටුණු ගිරවගෙයි තාපසාරාමෙකට වැටුණු ගිරවගෙයි කතාව අහල ඇතිනේ. දරුවොත් හැදෙන්නේ එහෙමයි. කේවල සිද්ධියකින් සාමාන්‍යකරණයක් කරන්න එපා. (නදී)
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
ලංකාවේ දේශප්‍රේමීන්ට මේවගේ ක්‍රියාවන් අගයක් නැහැ. දේශපාලකයෙක් දරුවෙක් වඩා ගත්තොත් ඊට වඩා දෙයක් නැහැ. (නදී)ද
ලංකාවේ දේශප්‍රේමීන්ට මේවගේ ක්‍රියාවන් අගයක් නැහැ. දේශපාලකයෙක් දරුවෙක් වඩා ගත්තොත් ඊට වඩා දෙයක් නැහැ. දරුවාගේ අම්මට සතියක් දෙකක් ආතල්. තත්තට වල්පුව. මේක දැන් බෝවෙන රෝගයක් වෙලා. (නදී)
මට නම් හරිම කණගාටුවක් දැනෙනවා! ලංකාවේ ඉපදිලා ලංකාවේ ඉගෙනගෙන ලංකාවටම අපහාස කරන අය ගැන. අපිට දේශපාලකයෝ හදන්නවත් අනිත් අය හදන්නවත් ඕනේ නැහැ. අපෙන් අපි අපේ මව්බිමට යම් සේවයක් කළහැකිනම් එයකරමු. මේ රටවල මේ වගේ දෙයක් පත්තරවල විතරක් නෙමෙයි ඉන්ටෙනෙට් එකෙත් දාල ප්‍රසිද්ධ කල යුතුයි. මොකද මේ රටවල මේ වගේ දෙයක් සිද්ද වෙන්නේ ඉතාම කලතුරකින නිසා. මොනවා වෙතත් ඒ ළමය යහපත් මව්පිය යුවලකගේ දරුවෙක් වෙන්න ඇති.(දිල්)
යහපත් සමාජ පරිසරයක ජිවත්වෙන දරුවන් සමාජය කෙරෙහි පෙරලා දක්වන යහපත් ප්‍රතික්‍රියාකාරකම් තමයි මේ. දරුවා ජිවත්වන පවුල් පසුබිම, පාසලේදී ගුරුවරුන් ක්‍රියාවෙන් පෙන්නුම් කරන හැදියාව හා සමාජයේ වැඩිහිටියන් අනුකරණය කරමින් ළමයා ප්‍රගුණ කරගත් දේ තමයි මේ. වර්තමාන ලංකාවේ වැඩිහිටියන් අනුකරණය කරන ළමයින්ගේ කෙරුවාවත් අදටත් වඩා හොඳින් නුදුරු අනාගතයේදී සැමට දැක බලා ගත හැකිවේවි. (නි)
කුසුම් ගේ අදහස කුසුම් පිපෙන අදහසක්නෙ..ඔයා හරියටම හරි,,,,, (නදී)
අනේ මට පුදුම හිතුනා මේකේ ප්‍රතිචාර දැක්කම..මේ ලෝකේ එක ළමයෙක්ගේ (මම හිතන්නේ හොඳ දෙමව්පියන්ගේ වැඩක්) සම්බන්ධ පුවතකට ඇයි අපි මේ බටහිර-ලංකාව කියා කියා විවාද කරන්නේ අප්පා.. (ස)
ඔය යහපත් විදිහට හැදුන සුද්දෝ ලංකාවට ආපුවහම අපේ ගයිඩලා ගලවනවා ගැලවිල්ලක් නිය පොත්තේ ඉඳල..හැබැයි ඒ කට්ටියට තේරෙන්නේ නෑ. මොකද අපේ අය දෙකට තුනට නැමිලා හොයා ගන්න බැරි විදිහට තමා ගලවන්නේ . පවු වැඩේ. හැබැයි බස් වල කොච්චි වල යන සුද්දන්ව නං රවට්ටන්ඩ බෑ. (ස)
අපේ මිනිසුන්ට කවදාවත් මේවා තේරෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්ද අපිට යමක් කියල දෙන්න හදනොකට මේ මිනිසු කෑගහන්නේ බොරු ජාතිආලේ මාවගෙන. මේ රටවලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. (ස)
ලොවේ කොහේ හිටියත් දරුවන් තමයි අනාගතය. ඉතින් ලාංකික හෝ ලෝකයේ වෙන රටක උනත් දරුවෙක් හොඳ වැඩක් කරලා එක පුවත් මගින් වෙන හුඟක් ළමයි දැකල හොඳ ගති ඉගෙන ගන්නවා නම් වැඩිහිටියන් හැටියට අපි කවුරුත් සැනසුමක් ලබන්න ඕනේ. එක රටක ළමයි තව රටක ළමයින්ට වඩා හොඳ හෝ නරකයි කියල අපි වැඩිහිටියන් හැටියට වාද වෙන එක තේරුමක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (අ)
ශාන් ,මම නම් ඔයාගේ අදහසට විරුද්ධයි. සමහර දෙමව්පියන් කොච්චර හොද උනත් දරුවෝ වැරදි පාරේ යනවා. දෙමවිපියෝ වැරදි පාරේ ගියත් හොද පාරේ යන ළමයිනුත් ඉන්නවා. මම අත් දැකපු හොදම දෙයක් මේක. මම ඉගෙන ගන්න ඉතාමත් අසරණ දරුවන් රැසකට උදව්කලා. එක දවසක් මට ඒ එක ළමයෙකුගෙන් ලිපියක් ලැබුනා. වයස 10 යි. අපේ තාත්තට ලොරියක වැඩකරන්න ලැබුනා. ඒ නිසා මට මේ කරන උපකාරය අපේ පන්තියේ ගොඩක් අමාරුකම් තියෙන ළමයෙක් ඉන්නවා එයාට දෙන්න පුලුවන්ද?' කියල අහලා. ඒක බැලුවම එදා අපි සේරටලම ඇඩුනා.(නදී)
ලංකාවේ නීතිය හැමෝටම පොදු නැහැ. දේශපාලකයන්ට සහ උන්ගේ දරුවන්ට නීතියක් නැති නිසා මේ ගැන කතාකරල වැඩක් නැහැ. (අ)
පිටරට ළමයි ළමයි විදිහට හදන නිසා ඔවුන්ට හිතලා මතලා වැඩකරන්න පොඩි කාලේ සිට පුරුදුයි. ලංකාවේ විභාග හා දෙමුපියන්ගේ විකාර වැඩ නිසා අපේ ළමයින්ගේ මේ හැකියාව විනාශ කරලා තියෙන්නේ (නි)
ඔව් අසෝකා අපේ රටෙත් මෙවැනි ළමුන් නැත්තේම නැහැ. ෆේයිත් කලේ අගය කල යුතු ක්‍රියාවක්.(නදී)
මෙහේ උනානම් පහු වෙනිදා උදේ බලනකොට ෆේයිත් ලා.................... පෝලිමයි ! (ස)