ඩ්‍රෝන යානා එල්ල කළ ප‍්‍රහාරයකින්, පසුගිය නොවැම්බර් මාසයේ, පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ ඇමෙරිකා හමුදා සෙබළුන්ට දඬුවම් ලබා නොදෙන බව පෙන්ටගනය පවසයි. ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, පාකිස්තාන සෙබළුන් මියයෑමේ එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ද පවත්වා ඇත. එම අවාසනාවන්ත සිද්ධියට ඇමෙරිකන් හමුදාව පමණක් නොව, පාකිස්තාන හමුදාව ද වගකිවයුතු බව පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකන් සෙබළුන්, පාකිස්තාන සෙබළුන්ට පහර දී ඇත්තේ ඔවුන් තලේබාන් සටන්කාමීන් යැයි වරදවා වටහා ගෙන යැයි ද සිදු කළ පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි පෙන්ටගනය පවසයි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයේදී ඇෆ්ගන් දරුවන් සහ කාන්තාවන් ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනකු ඝාතනය කළ ඇමෙරිකා සැරයන් රොබට් බේල්ස්ට එරෙහිව නඩු පැවැරෙන බව පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ රණවිරුවන් රැක ගතයුතුයි.
අඩුම ගණනේ වහිනකොට ඇමරිකාවට හෙනවත් ගහන්නැති හැටි.
පවු, ඇමෙරිකාව තොත්ත බබාලා. හමුදාවට හමුදාවට බදවාගැනීම හෙලා දකිමු. ළමා සොල්දාදුවෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.