
පාකිස්තාන හමුදා සොල්දාදුවන් හත් දෙනකු තම ග්‍රහණයේ පසුවන බව පාකිස්තානයේ කොටසක් වන බලුකිස්තානය්යේ ක්‍රියාත්මක ‘බලොච් විමුක්ති හමුදාව’ යන නමින් හැඳින්වෙන බෙදුම්වාදී සටන්කාමී සංවිධානය පවසයි. ඒ, එම හමුදා සොල්දාදුවන්ගේ ඡායරෑප සහ වීඩියෝ දසුන් ප්‍රසිද්ධි කරමිණි.
අල්ලා ගත් 7 දෙනා නිදහස් කිරීමට නම්, පකිස්තානයේ බන්ධනාගාරවල රඳවා ඇති තම සටන්කාමීන් කීප දෙනකු නිදහස් කරන්නැයි ‘බලොච් විමුක්ති හමුදාව’ පාකිස්තාන රජයට දැනුම් දී ඇත. මෙම බෙදුම්වාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ පාකිස්තානයට අයත් බලුකිස්තානය වෙනම රාජ්‍යයක් විය යුතු බව පෙන්වා දෙමිණි.
දින හත ඇතුළත තම සහෝදර සටන්කාමීන් නිදහස් නොකරන්නේ නම්, තම ග්‍රහණයේ පසුවන පාකිස්තාන සෙබළුන්ට අත්වන්නේ මරණය යැයි ද පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd