IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාකිස්තාන අගමැතිට එරෙහි උසාවි අපහාස නඩුව කල්යයි

අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ඊයේ (13) ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩු වාරය අනිද්දාට (16) කල් තැබිණ. පැමිණිල්ලේ සාක්ෂි ද එදිනට ඉදිරිපත් කිරීමට නියම කෙරුණි. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි ඇති දූෂණ වංචා චෝදනා යළි විභායට නොගැනීමෙන් පාකිස්තාන අගමැතිවරයාගේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කෙරෙන බව ද එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැළකෙන බව ද විනිසුරු නසීර් උල් මුල්ක් ඊයේ යළිත් අවධාරණය කළේය. එල්ල වී ඇති චෝදනාවලට තමන් වරදකරු ද නිවැරදිකරු ද යන්න පිළිබඳව විනිසුරුවරයා විමසූ අවස්ථාවේදී අගමැති ගිලානි කියා සිටියේ තමා නිවැරිදිකරු බවය. එල්ල වී ඇති චෝදනාවලට වරදකරු වුවහොත්, ගිලානිට මාස 6 ක් සිර දඬුවම් විඳීමට සිදුවන අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාකිස්තාන රජය අතරේ හටගෙන ඇති මෙම අර්බුදය අනිද්දායින් කෙළවර නොවනු ඇති බවත් එය ඉදිරියේ දී තවත් දිග් ගැස්සෙනු ඇති බවත් පාකිස්තාන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අධිකරණයේ කටයුතු පැය 1 1/2 කට වැඩි නොවිණි. අගමැති ගිලානි අධිකරණයෙන් පිටව යද්දී ඔහුට පක්ෂවත් ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවත් නීතීඥවරු කෑ කෝ ගසන්න වූහ. නඩුව විභාග කෙරෙද්දී ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඒ අවට ප‍්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු අතර හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂාව ද යොදා තිබුණි. ජනාධිපති සර්දාරිට පමණක් නොව ගිලානිට සහ පාකිස්තාන රාජ්‍ය නිලධාරීන් රැසකට දූෂණ වංචා චෝදනා රැුසක් එල්ල වී තිබේ. එහෙත් 2007 වසරේදී පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනපති ධුරය හොබවද්දී හඳුන්වා දුන් ක්ෂමා නීතිය යටතේ ජනාධිපතිවරයා කිසිදු චෝදනාවක් යටතේ වරදකරු කළ නොහැක. ඒ අනුව ජනාධිපති සර්දාරිට එරෙහිව ද නීති මගින් කටයුතු කිරීමට නොහැක. නඩු විභාගය පැවැත්වෙද්දී අධිකරණයට පොලිස් ආරක්ෂාවඅගමැති ගිලානි අධිකරණයෙන් පිටව යද්දී



අදහස් (0)

පාකිස්තාන අගමැතිට එරෙහි උසාවි අපහාස නඩුව කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 130 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site