IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


පාකිස්තාන අගමැති ගිලානි ආරක්ෂක ලේකම් නෙරපයි

ආරක්ෂක ලේකම්වරයා එම තනතුරෙන් නෙරපා දැමීමට පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි පියවර ගැනීමත් සමඟ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග‍්‍රවනු ඇතැයි එරට හමුදාව අනතුරු අඟවයි. ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ලූතිනන් ජනරාල් නයීම් කලීඞ් ලෝඞී තනතුරෙන් නෙරපා දැමීමට අගමැති ගිලානි කටයුතු කළේ ලෝඞී අයථා අන්දමින් හා නීති විරෝධී ලෙස කි‍්‍රයා කිරීමත් එසේ කටයුතු කිරීමේදී රජයත් අධිකරණ පද්ධතියත් හමුදාවත් අතර අනවබෝධයක් ඇතිවීමත් යන චෝදනා ඔහුට එල්ලවීම නිසාය. සිවිල් රජයක් පවතින පාකිස්තානයේ හමුදා කටයුතු සම්බන්ධ වගකීම් රැසක් බාරව සිටින ජේෂ්ඨතම සිවිල් නිලධාරියා ආරක්ෂක ලේකම්වරයාය. එපමණක් නොව පාකිස්තාන හමුදාවේ ප‍්‍රධානතම උපදේශකයා ද ඔහුය. ”ආරක්ෂක ලේකම්වරයා ලෙස ලෝඞී කටයුතු කර තිබෙන්නේ නීති විරෝධී අන්දමටයි. රජය, අධිකරණය සහ හමුදාව අතර මතභේද නිර්මාණය වී තිබෙන්නේ ලෝඞීගේ අයථා කටයුතු නිසයි” අගමැති ගිලානි පවසයි. ලෝඞී තනතුරෙන් ඉවත් කිරීමට අගමැතිවරයා ගත් තීරණය හමුදාවේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත. පාකිස්තානයේ හමුදාව ඉතා ප‍්‍රබල මෙන්ම ශක්තිමත් එකකි. වසර 64 ක් තරම් කෙටි ඉතිහාසයක් ඇති පාකිස්තානයේ හමුදා කුමන්ත‍්‍රණ මගින් ආණ්ඩු පෙරළීම් තුනක් සිදුවිය. අවසන් වරට හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවූයේ 1999 වසරේදීය. එවකට හමුදාපතිව සිටි පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය. දැන් යළිත් වරක් පාකිස්තානයේ සිවිල් රජයක් පවතියි. රජයේ කටයුතුවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත් ඇඟිලි නොගසන බවත් වත්මන් පාකිස්තාන හමුදාපති අස්ථාෆ් කයානී, 2007 වසරේදී එම ධුරයට පත් වූ අවස්ථාවේ කියා සිටියේය. කෙසේ නමුත් පාකිස්තන රජයත් හමුදාවත් අධිකරණයත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ පාකිස්තාන ජනාධිපති අල් සර්දාරි මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකා හමුදාවෙන් උදවු ඉල්ලා යැවූ සන්දේශයක් හේතුවෙනි.  පාකිස්තානයේ යළි හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව එම සන්දේශයෙහි සඳහන් විය. ජනාධිපති සර්දාරි එම සන්දේශය ඇමෙරිකා හමුදා ප‍්‍රධානීන්ට යවා ඇත්තේ එවකට ඇමෙරිකාවේ සිටි පාකිස්තාන තානාපති හුසේන් හක්කානීගේ මාර්ගයෙනි. මෙය මාධ්‍යවලට අනාවරණය වීමත් සමඟ හක්කානී තානාපති ධුරයෙන් ද ඉවත් විය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිටත් සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ පැවැත්වීමට අනුබල දී තිබෙන්නේ පාකිස්තාන හමුදාවය. ඒ පසුපස ආරක්ෂක ලේකම් ලෝඞී ද සිටියි. පාකිස්තාන රජයේ අවසරයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පාකිස්තාන රජය චෝදනා කරයි. ඇමෙරිකාවට යැවුණු එම සන්දේශය හේතුකොට ගෙන ජනතාවගේ අප‍්‍රසාදයට ලක් වී සිටින පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි පාකිස්තාන හමුදාව මීට පෙර ප‍්‍රකාශ කළේය. ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ ජනාධිපති සර්දාරි දුර්වල නායකයකු නිසා යැයි පාකිස්තාන හමුදාව චෝදනා කර ඇත.  



අදහස් (0)

පාකිස්තාන අගමැති ගිලානි ආරක්ෂක ලේකම් නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 1122 2

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


දිල්ලි අගනුවරට මහ වැසි
2025 මැයි මස 02 96 0

වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 2114 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඊශ්‍රායලයේ ළැව් ගිනි අවසන්
2025 මැයි මස 02 53 0

මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.


ඉරාන ඇමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡා නවතී
2025 මැයි මස 02 52 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර


ඉස්තාන්බුල් මැයි දින රැලියට පොලිස් ප්‍රහාරයක්
2025 මැයි මස 02 21 0

තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 476 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 126 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site