
මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමැතුවේය.
එම අවස්ථාවට කම්කරු පක්ෂ ආධාරකරුවන් බොහෝ දෙනකු පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් නව අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
බ්‍රිතාන්‍යය නව මඟකට යොමු කරන බවත්, බ්‍රිතාන්‍යය යළි නගා සිටුවීමට කටයුතු කරන බවත් පවසමින්, නව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් අවධාරණය කළේ තමන් පක්ෂයට පෙර රට, යන සංකල්පයට අනුව කටයුතු කරන බවය.
මැතිවරණ ජයෙන් පසු, සම්ප්‍රදායට අනුව, කියේර් ස්ටාර්මර්, බකිංහැම් මාලිගයට ගොස් තෙවැනි චාල්ස් රජු හමුවී, රජයක් පිහිටුවීමට හැකි බව දැනුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෙසේ ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය.
(බීබීසී)
COMMENTS
මේ වගේ මහත්මා ගතිගුණ ඇති නායකයෙක් අපේ රටේත් බිහිවේවා...
ඕං ඒකත් යළි නගා සිටුවනවාලු...!
ඔයාලාට දැන්ද "පක්ෂයට පෙර රට, යන සංකල්පය" මතක් වුනේ? ලංකාවේ නම් 1948 දී ඕගොල්ලන්ගෙන් රට භාර ගත්තු දවසේ ඉඳන්ම තිබුනේ "පක්ෂයට පෙර රට, යන සංකල්පය". ලංකාව එහෙම කරලා තමයි මෙතරම් දියුණු වුනේ...
අපේ නම් පළමුව කොමිස් කුට්ටිය, දෙවනුව පවුල, තුන්වෙනියට පක්ෂේ අන්තිමට රට...
ගවුම ඇඳලා ඒ නෝනා ඉන්න හැටි බලන්න ලස්සනයි. මෛත්‍රී නෝනා, ජලනි නෝනා, අකුදි නෝනත් නරකද ගවුම් පොඩියක් ඇඳලා දැන් ඉඳලම ලෑස්ති උනොත්! ඒ තුන් දෙනා ගෙන් කවුරු හරි රජගෙදරට යනවනෙ.
කල්දමන උප්පරවැට්ටි නොසොයන නියමිත කාලයට මැතිවරණ පවත්වා ජය පරාජය සතුටින් බාරගන්නා දේශපාලකයින් ලංකාවට ඕනෑකර තිබේ.
රිෂි සුනාක් පහුගිය මාස කිහිපයේදී පෙන්නපු මුස්ලිම් බිල්ලට රැවටිලා ඔහුගේ අන්ත දක්ෂිණාංශික පක්ෂෙට ඡන්ද දෙන්න තරම් එංගලන්තේ මිනිස්සු මෝඩ නැති බව පෙනෙනවා , ජතිවාධයට නුතන ලෝකයේ වැඩි ආයුෂ නැත .