නවදිල්ලි අගනුවර ප‍්‍රධාන දුම්රිය පොළට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට පාකිස්තානයේ ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීන් ගත් උත්සාහයක් ඉන්දීය ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පෙරේදා (29) ව්‍යර්ථ කෙරුණි. නවදිල්ලි දුම්රිය පොළට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කරන බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීමත් සමඟ නවදිල්ලි පොලිස් නිලධාරීන් වහාම කි‍්‍රයාත්මක වී බෝම්බය ඇටවූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පාකිස්තාන ජාතිකයන් බව පැවසේ. ඔවුන් ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමී සංවිධානයට සම්බන්ධදැයි සෙවීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී චිදම්බරම් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය. දුම්රිය පොළේ කාර්ය බහුල අවස්ථාවක බෝම්බය පුපුරුවා හැර මහා ජීවිත විනාශයක් සිදු කිරීමට ත‍්‍රස්තවාදීන් සැලැසුම් කර තිබුණු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 10 ක් රිමාඞ් භාරයේ තැබීමටත් ඉන්පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය. ‘ලෂ්කාර් ඊ තයිබා’ යනු පාකිස්තිනයේ කි‍්‍රයාත්මකව තිබෙන බලවත්ම සටන්කාමී සංවිධානයයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ ඇතැම් බටහිර බුද්ධි අංශ පවසන්නේ ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීන්ට පාකිස්තාන රජයේ ද සහාය ලැබෙන බවය. 2008 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෝ ද ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීහුය. එම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විදේශිකයෝ ද ඒ අතර වෙති.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවදිල්ලි නුවර දුම්රියපොළට බෝම්බ ගහන්න හැදූ තැත වරදී