
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ වැසිකිලි යෑමට සිදුවූ බැවින්, දුම්රිය 125 ක් ප්‍රමාද වූ බව වාර්තා වේ.
නියාමකවරයාට වැසිකිළි යෑමට සිදුවී ඇත්තේ දුම්රිය අතර මඟ නැවැතුම්පොළක නැවැත් වූ විටය. ඔහු වහා දුම්රිය නැවැතුම්පොළේ වැසිකිළියට දිව ගොස් ඇත. වැසිකිළියේ කටයුතු අවසන් කර ආපසු ඒමට ඔහුට මිනිත්තු 4 ක් සහ තත්ත්පර 16 ක් ගත වූ බව පැවැසෙයි.
සෝල් අගනුවර දුම්රිය ධාවනය මිනිත්තු කීපයකට වරක් නියමිත වේලාවට, එක පෙළට සිදුවෙයි. නියාමකවරයාගේ ප්‍රමාදය මෙන්ම ඔහුගේ දුම්රිය නවතා තිබීමේ ප්‍රමාදය හේතුවෙන්, පිටුපසින් එම දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු සෙසු දුම්රිය 125 ට බලපෑම් එල්ල විය. ඒවා එක පෙළට නවත්වා තැබුණි. මගීහු ද දැඩි ලෙස අපහසුතාවට පත්වූහ.
අවසානයේ වැසිකිළි යෑමට සිදුවුණු නියාමකවරයාගේ දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වූ බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවිකව මිනිසාට ඇතිවන සාමාන්‍ය දෙයක්... නමුත් භාරදූර රැකියාවක නිරත වෙලා ඉන්නකොට වුණු දෙයක් නිසා එය සමාජයට සහ ජනතාවට සෑහෙන තදින් බලපාලා... විනාඩි 4ක් කියන්නේ කරදරයක් නැතිව හොඳට වැඩේ කරලා තියෙනවා.
නිදහසේ වැසිකිලිවත් යන්න බැරි දියුණුවෙන් වැඩක් තියෙනවාද?
ලංකාවේ ප්‍රමාද නැත්තේ ඒකනේ.. හරියට තත්පරේට වැඩ.. නියාමකගේ පුටුවේ බොත්තම ඔබපු ගමන් යටින් හිල එනවා... කක්කා කරාම ඉබේම හේදිලා දොර වැහෙනවා.. ඔච්චර තාක්ෂණයක් තියන ජාපනෙටත් බැහැ ඒවා...!
අපේ නම් පැය ගාණක් ප්‍රමාදයි...
ඕක මොකක්ද, ලංකාවේ බැහැලා ගිහිල්ලා කෑමත් අරන් එනවා. අනික ලංකාවේ කොච්චි වෙලාවට දුවනවා කියලා එකක් නැහැ. ඔවුන්ට ඕන වෙලාවට දුවනවා... උඹලාට ඕනෑනම් නැගලා පලයල්ලා කියලා තමයි කියන්නේ...!
බරහැදෙන එකට තැනක් වෙලාවක් නෑ. හරියටම තත්පරේට වෙලාවට වැඩකරන රටවල වෙලාවට කරන්න බැරි එකම වැඩේ මේකයි. ඒත් ඒකත් වෙලාවට කරන හැටි ගැන පර්යේෂණ එහෙම කරනවාද දන්නේ නෑ.
මගේ අත්දැකීමට අනුව ඉතියෝපියාවේ දුම්රිය වුණත් වෙලාවට වැඩ. අප්‍රිකාවේ එහෙම නම් ලංකාව කියන්නේ හෙනම දුර්වල රටක්...
වැසිකිළි ගියත් නොගියත් අපේ නම් හැමදාම ප්‍රමාද නිසා ඕවා එච්චර ගණන් ගන්නේ නැහැ...!
අපේ නියාමකයෝ වැසිකිලි ගිහින් හොඳට නාලා හීන් අඩියකුත් ගහලා කෑමත් කාලා එනකම් කෝච්චිය ඉස්ටේසමේ තිබුණත් ප්‍රශ්නයක් නැහැ. පස්සෙන් එන කෝච්චිත් ප්‍රමාද නිසා විශාල ප්‍රශ්නයක් නැහැ. අපේ කෝච්චි එන්ජින් සමහරක් වෙලාවට නියම්කයෝ නැතුවත් ධාවනය වෙන අවස්ථා තිබෙනවා.
අපේ දුම්රිය දෙපාර්තමේන්තුව රෙද්දේ රෙවිලා තිබෙද්දීත් නියාමකයෝ සහ ස්ටේෂන් මාස්ටර්ලා වැඩ වර්ජනය කරනවා..