IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා: හදිසි නීතිය ප‍්‍රකාශ කෙරේ

නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් එරට ජනාධිපතිවරයා වන ගුඞ්ලක් ජොනතන් රටේ ප‍්‍රදේශ කිහිපයකට හදිසි නීතිය ඊයේ (31) ප‍්‍රකාශයට පත් කළේය. පසුගියදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින්, තුනක් දේවස්ථාන ඉලක්ක කර ගෙන එල්ල වූ අතර එම ප‍්‍රහාර රට තුළ ගැටුම්කාරී තත්වයක් ඇති කිරීමේ අරමුණ ඇතිව බොකෝ හරාම් සටන්කාමීන් සිදු කළ බව එරට රජය පවසයි. ‘අප රටේ ආරක්ෂාව තහවුරු කරන බවට නයිජීරියා වැසියන්ට සහතික වෙනවා. ත‍්‍රස්තවාදයට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් සොයා දැඩි දඬුවම් පමුණුවනවා’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. සටන්කාමීන්ගේ මූලස්ථානය පිහිටි බෝර්නෝ නගරය ඇතුළු නගර කිහිපයකට හදිසි නීතිය ප‍්‍රකාශ කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා කිසිවෙකුටත් තර්ජනයක් නොවූ කණ්ඩායමක් ලෙස මුලදී සංවිධානය වූ බොකෝ හරාම් සටන්කාමීන් පසුව රටටම පිළිලයක් වූ බවත් ප‍්‍රකාශ කළේය. අපි‍්‍රකාවේ පිහිටි ප‍්‍රධාන රාජ්‍යයක් වන නයිජීරියාවේ මිලියන 160ක ජනතාවක් වාසය කරන අතර අපි‍්‍රකා මහද්වීපයේ විශාලතම තෙල් නිෂ්පාදකයා ද වෙයි. නයිජීරියාවේ උතුරු ප‍්‍රදේශයේ බහුතරය මුස්ලිම් වන අතර දකුණු ප‍්‍රදේශයේ බහුතරය කි‍්‍රස්තියානීන් වේ.



අදහස් (0)

නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා: හදිසි නීතිය ප‍්‍රකාශ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site