IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නයිජීරියාවේ ගැටුම්වලින් සියයකට අධික පිරිසක් මරුට

නයිජීරියා ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය සටන්කාමීන් අතර දින දෙකක් පුරා ඇවිළුණු ගැටුම්වලින් පුද්ගලයින් සියයට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එරට ආරක්ෂක අංශ පෙරේදා (24) පැවසූහ. ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ඩමාටුරු, මයිඩුගුරි සහ පොටිස්කුම් යන නගරවල බොකො හරාම් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුගිය සතිය වන විට උත්සන්න වූ අතර උද්ගතව ඇති තත්වය මැඩපැවැත්වීමට ගැටුම් දරුණු ලෙස පැවැති ඩමාටුරු නගරයට රජයේ හමුදා පැමිණ එහි වැසියන් ප‍්‍රදේශයෙන් ඉවත් කළහ. හමුදාව පැමිණීමෙන් අනතුරුව හටගත් ගැටුම්වලින් සටන්කාමීන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. අනතුරුව දින දෙකක් තිස්සේ පැවැති සටන්වලින් හමුදාභටයින්, සිවිල් වැසියන් සහ සටන්කාමීන් ඇතුළු සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එරට හමුදා ප‍්‍රධානියෙකු  පැවසීය.



අදහස් (0)

නයිජීරියාවේ ගැටුම්වලින් සියයකට අධික පිරිසක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site