අල් කයිඩාව සමඟ සම්බන්ධ අල් ෂබාබ් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෝමාලි නගරයකට නයිජීරියා ගුවන් හමුදාව ඊයේ (8) දරුණු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් සටන්කාමීහු 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ අල් ෂබාබ් සටන්කාමීන්ගේ තිප්පොළක් ලෙස ද සැලකෙන ගරබහාරේ නමැති කුඩා නගරයටය. ප‍්‍රහාරය එල්ලවෙද්දී ඉන්ධන ලබා ගැනීමට සටන්කාමීහු සියයකට වැඩි පිරිසක් නගරයේ ඉන්ධනහල වෙත පැමිණ සිටියහ. ප‍්‍රහාරයෙන් පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත්, මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් කෙන්යා හමුදා ප‍්‍රධානී කර්නල් සයිරස් ඔගුනා පවසයි. කෙන්යාව සෝමාලියාවේ අසල්වැසියාය. රටේ කි‍්‍රයාත්මක අල් ෂබාබ් සටන්කාමීන් මර්දනය කිරීමට සෝමාලි රජය අපොහොසත් වී සිටියි. අල් ෂබාබ් සටන්කාමීන් කෙන්යාවට ද තර්ජනයක් වී ඇත. කෙන්යා රජය, සෝමාලි රජය සමඟ එක් වී සටන්කාමීන්ට එරෙහිව ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ එහෙයිනි. මේවනවිට කෙන්යා හමුදා භට පිරිස් ද සෝමාලියාවට ගොස් සිටිති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd