මග යන එන අය වැළඳගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි පොලිසිය සැරැසෙයි. ඒ අබ්දුල් රහමන් අල් කයියාල් (21)සහ ඔහුගේ යහළුවා වේ.

මොවුන් ‘නොමිලේ වැළඳගැනීම’ යනුවෙන් ඉංගි‍්‍රසියෙන් ලියූ පුවරුවක් අල්ලා ගෙන අවට යන එන අය වැළඳගනිති. මුස්ලිම් රාජධානියේ අගනුවර රියාද් නගරයේ ජනාකීර්න ප‍්‍රදේශ, ආගමික ස්ථානය හා පොදු ස්ථාන ඔවුන් මෙම වැළඳගැනීමේ ව්‍යාපාරය සඳහා තෝරා ගෙන ඇත.

එම අවස්ථාවල ගත් පින්තූර හා වීඩියෝ දර්ශන ෆෙස් බුක්, ට්විටර් හා යු ටියුබ් වෙබ් අඩවි වල පළ කර ඇත. ඒවාට දස ලක්ෂ ගණනක් ජනතාව කැමැත්තද එක් කර ඇත.

අත් අඩංගුවට ගත් පසු ඔවුන් එම කි‍්‍රයාවෙන් ඈත් වන පවසා ඇති නමුත් ඔවුන්ගේ ව්‍යාපාරයට අනුබල දෙන්නන් මෙය නොමිලේ වැළඳගැනීමක් මිස නොමිලේ මත්දව්‍ය දීමක් නොවන බව පවසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර තිබේ.

ආගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉතා ඉහළින් පිළි ගන්නා සෞදි අරාබියට මෙවැනි විදේශීකයන්ගේ පුරුදු නොගැලපෙන හා  නීති විරෝධි කි‍්‍රයාවක් බව ආගමික නායකයෝ චෝදනා කරති. අද නොමිලේ වැළඳගැනීම, හෙට නොමිලේ හාද්දක් හා ඊට පසු දින නොමිලේ ලිංගිකත්වය වනු ඇති බවත් ඔවුන් පවසයි. එසේම මෙය එරටේ විවිධ වාද විවාද වලද මාතෘකාවක් වී ඇත.