තදින්ම නිදා සිටින්නන් පවා අවදි කිරීමේ සමත් සංඥා (එලාම්) ඔරලෝසුවක් නිපදවීමට බි‍්‍රතාන්‍යය සමාගමක් සමත්ව තිබේ.
මෙම ඔරලෝසුවේ අධි බල ශබ්ද වාහිනියක්,හිස තබන කොට්ටය යට තැබිය යුතු පුවරුවක්,වේලාව දර්ශනය කිරීම සදහා විසල් පුවරුවක් ඇත.
නිදාගැනීමට පෙර උදෑසන නැගිටීමට අවැසි වේලාව ඔරලෝසුවට යොදා එහි සපයා ඇති පුවරුව කොට්ටය යටින් තබා ගත යුතුවේ. මෙම පුවරුව කොට්ටය යට තබාගත්තේයැයි නිදාගැනීමට කිසිදු අපහසුතාවයක් ඇති නොවෙතියි නිෂ්පාදකයෝ කියති.
උදෑසන නැගිටීමේ වේලාව එළැඹි විට මෙම ඔරලෝසුවේ වැඩකිඩ බැලිය හැකිය.
මුලින් කුඩා ශබ්දයක් නිකුත් කරන්නට පටන්ගන්නා ඔරලෝසුව නිදා සිටින්නා නොනැගිට එය වසා දමන්නේ නැති නම් තව තවත් ශබ්දය වැඩි කරමින් එය දුම්රියක් ධාවනය වන විට නැගෙන ශබ්දය මට්ටමටම ගෙන ඒ.මේ අතර කොට්ටය යට වූ පුවරුව කම්පනය වීමට පටන් ගන්නේ භූමිකම්පාවකට හසුවූවක් පරිද්දෙනි.
මෙයාකාර වධහිංසා මධ්‍යයේ නිදා සිටින්නෙක් නම් සිටීමට නොහැකි බව නිර්මාපකයින්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයා ඉතා තදින් නිදාගෙන ඉන්නේ මේකවත් ගෙනල්ල බලමුද ? (නදී)
මම ඉන්නේ තට්ටු නිවාසෙක. අපේ ගෙදර එලාම් එක වදිනකොට අල්ලපු ගෙදර අය ඇවිල්ල අපේ දොරට තඩිබාල අපිව ඇහැරවනවා.(නදී)
සැම් යු.කේ අදහස හරි (දී)
පහන් අපේ අයගේ මේ නින්දට ඕව හරියන්නේ නැහැ. (නදී)
නියම අදහසක්! (දී)
අනේ දුප්පත් අපි ඉන්නේ ලංකාවේ, අපිට හරියට නින්ද යන්නේ නැහැ, රෑ වෙනකොට මතකයට නැගෙන්නේ හෙට දවස කල්ගෙවන එක ගැන, විදුලි බිල, ජිවන වියදම, වතුර බිල, හැමදෙයක්ම ගිනි ගණන්.(නදී)
කුකුල් හාමි ඉන්නකන් අපිටනම් ඉතින් ඔටෝමැටික් එලාම් තමයි.... (දී)
එංගලන්තේ අයට ලෝකේ වටේටම ගිනි දීල හොඳට නින්ද යනවා ඇති. ඒකයි අලුත්ම ජාතියේ එලාම් එකක් ඕන වෙලා තියෙන්නේ.(නදී)
නිදාගත් මිනිසුන් අවදි කිරීම කියන්නේ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරිරීමක්. එක නිසා ඔවුන්ට මැරෙන තුරු නිදා ගන්න ඉඩ තිබිය යුතුයි (අ)
වේලාසනින් අවදි වීමට ඔයතරම් වැඩ, කිඩ , මොකටද අනේ.. අපට. පරණ ටයිම් පීස් එක තවම හොඳින් වැඩ.(නදී)
එහෙමයි කියල ඒත් දොයිමතනම් තමා නිදාගෙන ඉන්න මනුස්සයාගේ වැඩ කිඩ ටිකකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ. දහස් ගානක් වියදම් කරලා ගෙනාවත් මර නින්දක්නම් ඕකත් පොලේ ගහල ආයෙත් නිදා ගනී.(නදී)
මම ඔය මොකුත් නැතුව නැගිටිනවා මොලෙන් දෙන නියෝග ඇති (දී)
අපේ ඔරලෝසුවෙන් වදින සීනුව සද්දේ වැඩියි.(නදී)
අපේ ගෙදරත් එකක් තියෙනවා. ඒකට කියන්නේ එලාම් එක කියලා.(නදී)
මේක දැක්කම අපේ මිනිස්සු පිස්සු කියලා හිතයි. මාත් ඉන්නේ ඇමරිකාවේ. මම රාත්‍රී වැඩ කරන්නේ. නෝනා දවල් වැඩ. පොඩි එකාව මොන්ටිසෝරියට දාලා නෝනව වැඩට දාලා ගෙදර ඇවිත් එලාම් එක තියලා නිදා ගත්තා පැය දෙකකින් ඇහැරෙන්න. කොච්චර තදට නිදා ගත්තද කිව්වොත් එලාම් එක ඇහුනෙත් නැහැ. එක දිගට රාත්‍රී හතරක් වැඩ කරලා හිටියේ. පොඩි එකා ගන්න ගියේ පැය දෙකක් පහුවෙලා. නෝනටත් ඉස්කෝලෙන් කතා කරලා එයා බය වෙලා. ඉතින් මේ වගේ එකක් තිබුනොත් කොච්චර උපකාරවෙනවද? (නදී)
මීට වඩා හොඳ එලාම් එකක් හදලා තියනවා කාන්තාවන්ට - යන්න යු ටියුබ් එකට.(නදී)