හිසට එල්ලවන පොළු පහරකත්, නින්දක් නොලැබීමත් අතර වෙනසක් නැතැයි ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ රාත්‍රියේ නිසි ලෙස නින්දක් නොලැබීම හේතුවෙන් මොළයේ විවිධ වෙනස්කම් සිදුවන බවයි.
මේ පර්යේෂණයට යොදාගත් සෞඛ්‍ය සම්පන්න තරුණයෙක් සුව නින්දක් නොලැබූ අවස්ථාවක දී ඔහුගේ මොළයේ ඇතිවූ රසායනිකයනක් මගින් මොළයට හානි සිදුවූ බව නිරීක්ෂණය කැර ඇත.
මහාචාර්ය ක්‍රිස්ටියන් බෙනඩික් මහත්මිය පෙන්වා දෙන්නේ නිදි වැරීමෙන් ඇතිවන එන්.එස්.ඊ සහ එස් 100බී යන රසායනිකයන් දෙක හේතුවෙන් මොළයට හානි සිදුවන බවයි. ඇය වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
'' මේ තත්ත්වය මොළයේ දැඩි සෙළවීමකට සමානයි. එක් දිනක් නිදා නොගැනීමෙන් ඔවුන්ගේ රුධිරයේ මට්ටම වෙනස්වනවා. මේ තත්ත්වය හිසට පහරක් වැදීමක් නොවුන ද එයට සමාන ආසන්න හානියක් ලෙස හැදින්විය හැකියි. මොළයේ ඇතිවන විෂ සහිත රසායනික නින්දේ දී ඉවත්වී පිරිසිදු වනවා. "
මහාචාර්යවරයා පවසන්නේ නින්ද අඩුවිම හේතුවෙන් ඇල්ෂෙයිමර් පාර්කින්සන් සහ විවිධ වූ ශරීර පටක ඝනවීම වැනි රෝග සෑදීමේ අනතුරක් තිබෙන බවයි. නින්දේ දී නැතිවන අහිතකර රසායනිකයන් නින්ද නොලැබිමේ දී ඉහළ යාමෙන් මොළයේ පටක විනාශ වෙයි. හොද නින්දක් රැය පුරා ලැබීමෙන් මොළයේ සාර්ථක පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය ඉහළ යයි.
මේ පර්යේෂණයට අනුව එංගලන්තයේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ නින්දට සම්බන්ධ ප්‍රශ්න වලින් පෙලෙති. සාමාන්‍යයෙන් මිට දශකයට පෙර පැය නවයක් නිදාගත් මිනිසුන් දැන් නිදාගන්නේ දිනකට පැය හතකි. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරණු ලබන්නේ ප්‍රමාණවත් නොවූ නින්ද හේතුවෙන් වේදනා සහ හෘදයාබාධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් ඇති බවයි. දිනකට පැය අටකට වඩා අඩුවෙන් නිදාගන්නා අයගේ බුද්ධි මටිටම ඊලඟ දිනයේ දි අඩුවි ඇති බව ද අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පරීත්ෂනයක්. ප්‍රායෝගිකව පැය අටකට වඩා නිදා ගැනීම කළ නොහැකි වුවුද නින්ද ශරීර සෞඛ්‍යට අවශ්‍යයි. මටත් දුකයි නින්ද අඩුවෙන් ලැබීම ගැන.(නදී)
මෙය හැම මිනිහාටම පොදු නැහැ. මා දන්නා එක මහා ඇදුරෙක් මුළු ජීවිත කාලයටම නිදාගෙන ඇත්තේ ඉතාම සුළු පැය ගානක්. බොහෝ පැය ගානක් නිදාගන්න මිනිස්සු ජීවිතයෙන් 1/3 එකක් ගෙවලා තියෙන්නේ ඇස් දෙක පියාගෙන. (නදී)
පොලු පහරක් කියල කිව්වට හරියටම තේරුම් ගන්නේ කොහොමද? කොච්චර සැරෙන් වදින එකක්ද කියලා කොහොමද අපි හිතාගන්නේ. සමහර පොලු පහරවල් වලින් මැරෙන්නත් පුළුවන් සමහර ඒ වගෙන් මොකුත් වෙන්නේ නැහැනේ.(නදී)
මට මන් ගැනම අනේ අපොයි කියල හිතෙනවා, (දී)
අපේ රටේ මිනිස්සු කි දෙනෙක් නිදි වරනවාද (දී)
මමත් නිදි වරණ කෙනෙක් මම දුක් වෙනවා මම ගැන (දී)
මම අදත් රෑ වැඩ ..මොනවා කරන්නද,,,, (දී)
නිදි වැරීමෙන් තොරව පශ්චාත් උපාධියක් නම් ගන්න හරිම අමාරුයි. මං හිතන්නේ මහාචාර්ය ක්‍රිස්ටියන් බෙනඩික් මහත්මිය සහ සිසුන් පිරිස වුවත් ඔය පර්යේෂණය කරද්දී දිනකට පැය 9ක් නිදාගන්න නැතිව ඇති.(නදී)
මම අවුරුදු 10ක් තිස්සේ රාත්‍රී කාලයේ තමයි වැඩකරන්නේ.(නදී)